පුවත්

සණස ලයිෆ් රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.045ක් වටිනා හිමිකම් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

පසුගිය නොවැම්බර් 27 වැනිදා රැස්වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ.

මෙහිදී අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 104,534,556ක් නිකුත් කරන බව සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සමාගම පවසයි.

මෙය දැනට නිකුත් කර ඇති සෑම එක් කොටසක් සඳහාම අලුතින් සාමාන්‍ය ඡන්දහිිමි කොටසක් නිකුත් කිරීමේ අවස්ථාවක් ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී එක් කොටසක් රුපියල් 10ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවෙහි වටිනාකම රුපියල් මිලියන 1,045ක් (1,045,345,560ක්) බව සමාගම පවසයි.

සමාගමෙහි ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සහ සමාගමෙහි විසඳුම් හා හඳුනාගත් ක්‍රමෝපායික ආයෝජනයන් වෙත ආයෝජනය සඳහා මෙම මුදල් යෙදෙවන බව සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙම හිමිකම් නිකුතුව සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය ලැබිය යුතුව ඇතැයි සමාගම පවසයි.

සණස ලයිෆ් රක්ෂණ සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 20,000,000ක් එනම් 19.10%ක් සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *