පුවත්

මහ බැංකුව තනි ප්‍රතිපත්ති පොළී අනුපාතයක් හඳුන්වා දෙමින් පොළී අනුපාත පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තනි ප්‍රතිපත්ති පොළී අනුපාතයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මකව පැවැති මහ බැංකුවෙහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතියකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිය වෙනුවට, එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතයක් (Overnight Policy Rate) හඳුන්වාදීමට කටයුතු යොදා ඇත.

මෙහිදී මෙම නව ක්‍රමවේදය යටතේ පළමු එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය අද පෙරවරුවේදී ප්‍රකාශයට පත් කිරිමට මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රියේදී රැස්වුණු මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මගින් මෙම එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතය 8.00 ක් ලෙස පදනම් ඒකක 50 කින් පහත හෙළීමට තීරණය කර තිබේ.

දේශීය සහ ජාත්‍යන්තර ආර්ථිකයන්හි වර්තමාන සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳව සලකා බලමින් මෙම තීරණය ගත් බව මහ බැංකුව පවසයි.

Views: 39

Leave a Reply

Your email address will not be published. Required fields are marked *