SLIIT ශ්‍රී ලංකාවේ අංක 01 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රේණිගත වෙයි
SLIIT (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) ලොව පිළිගත් Times Higher Education World University Rankings 2025 ශ්‍රේණිගත කිරීම්වලට අනුව, විවිධ කර්මාන්ත ක්ෂේත්රයන් කේන්ද්‍ර කරගත් උපාධි පාඨමාලා සඳහා ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය බවට පත්ව ඇතැයි පවසයි.
ජාත්‍යන්තර ආයතනයක් මගින් කරනු ලබන මෙම ශ්‍රේණිගත කිරීම තුළින් SLIIT ආයතනය විසින් නවීන ලෝකයේ විවිධ රැකියා ක්ෂේත්රයන්ට අදාල නව තාක්ෂණික දැනුම, ක්‍රම ශිල්ප සහ කුසලතා මෙන්ම ආකල්ප වැඩි දියුණු කිරීමෙහිලා පුරෝගාමියෙකු ලෙස ක්‍රියාකරන ආකාරය මනාලෙස පිළිබිඹු වන බව SLIIT සඳහන් කරයි.
Times Higher Education World University Rankings ශ්‍රේණිගත කිරීම් ගෝලීය උසස් අධ්‍යාපනයේ වඩාත් පුළුල් සහ සමබර සැසඳීමක් සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීමක් වශයෙන් වඩාත් පිළිගැනීමට පත්ව තිබේ. ඒ අනුව ලොව හොඳම විශ්වවිද්‍යාලවල නිශ්චිත ලැයිස්තුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් 3වන ස්ථානයට එකතු වූ SLIIT කෙරෙහිද විශ්වසනීය පිළිගැනීම හිමිව ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ඉගැන්වීම, පර්යේෂණ, ජාත්‍යන්තර දැක්ම, දැනුම හුවමාරු කිරීම සහ කර්මාන්ත සබඳතා තුළින් විශ්වසනීය වූ අවබෝධයක් ලබා දීමට සැලකියයුතු මට්ටමේ තෝරාගත් කාර්ය සාධන දර්ශක භාවිතා කරනු ලබයි. ආයතනයක කාර්ය සාධනය පිළිබඳ සමස්ත දැක්මක් ඉදිරිපත් කරමින් අවසාන ශ්‍රේණිගත කිරීම් තීරණය කිරීම සඳහා මෙම දර්ශක මත නිසි බර තැබීමක් කර තිබේ.
මෙම සුවිශේෂී වූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් SLIIT හි උපකුලපති හා ප්‍රධාන විධායක නිලධාරී, මහාචාර්ය ලලිත් ගමගේ මහතා, ”Times Higher Education World University Rankings 2025 ශ්‍රේණිගත කිරීම් අතරට එක්වෙමින්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් 3 වැනි ස්ථානයට SLIIT එකතු වීම ගැන මට ඇත්තේ විශාල ආඩම්බරයක්. ශාස්ත්‍රීය විශිෂ්ටත්වය අතින් ශ්‍රී ලංකාවේ දිගු කලක් පුරාවට පිළිගැනීමට ලක්වූ මොරටුව, ජයවර්ධනපුර සහ කැලණිය වැනි විශ්වවිද්‍යාල සමගින් එක්ව සිට ගැනීමට අපටද අවස්ථාව ලැබී තිබෙනවා. බොහෝ කීර්තිමත් විශ්වවිද්‍යාල අභිබවා යමින් SLIIT, මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණිගත කිරීමේ ආයතනයකින්, ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය බවට පත්වී තිබෙනවා. ඒ වගේම විවිධ ක්ෂේත්රයන් මත පදනම් වූ උපාධි පාඨමාලා ඉදිරිපත් කිරීම සඳහා වන ප්‍රමුඛතම ආයතනය ලෙසත් SLIIT පිළිගැනීමට පාත්‍ර වී තිබෙනවා.” යනුවෙන් පැවසීය.
Views: 50