පුවත්

ඩිමෝ හි TATA Xenon Yodha සඳහා සියැට් නව රේඩියල් ටයරයක් නිපදවයි

ඩිමෝ සමාගම විසින් මෙරට එකලස් කරන Tata Xenon Yodha පික්-අප් ට්‍රක් රථ සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද සියැට් සැහැල්ලු ට්‍රක් රථ රේඩියල් ටයරයක් හඳුන්වා දීමට සමත්ව ඇතැයි පවසයි.

ඒ අනුව නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OE) හවුල්කාරීත්වයක් හරහා කාර්ය සාධනය පදනම් කරගත් සුප්‍රසිද්ධ සන්නාම දෙකක් සම්බන්ධ වී ඇතැයිද ඔවුන සඳහන් කරයි.

මෙම සහයෝගීතාවය මත, මෙම වාහනයේ කාර්ය සාධන පිරිවිතරයන් සහ පාරිභෝගිකයන්ගේ ඉහළ අපේක්ෂාවන් සපුරාලන නව රේඩියල් ටයරයක් සියැට් කැලණි හොල්ඩිංග්ස් විසින් නිෂ්පාදනය කර ඇත.

CEAT 215/75 R16 WINMILE X3 R ටයරය නිෂ්පාදනය කර ඇත්තේ අඩු පෙරළීමේ ප්‍රතිරෝධයක්, අඩු ගෙවීයාම හා ඉරීයාම සහ සුමට ධාවනයක් ලබා දීම සඳහා යි. ටයරයේ පා සටහන් හැඩයේ වැඩි දියුණු කිරීම සහ දිගු දුරක් ධාවනය කිරීමේ හැකියාව ලබා දෙන සංයෝගයක් භාවිත කිරීම මගින් එයට දිගු කල් පැවැත්මක් ලබා දෙයි.

“නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OE) සඳහා අපි ඇතිකර ගන්නා සෑම හවුල්කාරීත්වයක් තුළින් ම නව කාර්ය සාධන මිනුම් සහ තත්ත්වයන් ළඟා කර ගැනීමට හැකි නිෂ්පාදන ඇති කිරීමට අවස්ථාවක් ලැබේ,” යනුවෙන් සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසීය.

“සියැට් සතුව ජර්මනියේ සහ ඉන්දියාවේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් ඇති නිසාත්, අපගේ දේශිය මාර්ග තත්වයන් සඳහා ටයර නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව අපගේ විශේෂ ශක්තියක් වන නිසාත්, මෙම හවුල්කාරීත්වයන් දේශිය අගය එකතු කිරීම සඳහා සහාය වන අතර ම සමස්ත වෙළඳපලටම ප්‍රතිලාභ ලබා දෙන අඛණ්ඩ වැඩි දියුණු කිරීම්වලට මග පාදයි.”

ඉන්දියවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Tata Motors සමාගම සමඟ එක්ව ඩිමෝ විසින් දේශීයව එකලස් කර නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ ‘ඩිමෝ බට්ටා’ ලෙස ජනප්‍රිය වී ඇති Tata Ace HT වාහන සඳහා සැහැල්ලු ට්‍රක් රථ සඳහා නිළ ටයර සපයන්නා ද සියැට් වේ.

මෝටර් රථ තත්ත්ව කළමණාකරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වීම වෙනුවෙන් ජාත්‍යන්තර මොටර් රථ කාර්යසාධක බලකාය (IATF) වෙතින් IATF 16949:2016 සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ දේශීයව නිෂ්පාදනය කරන ලද එකම ටයර් සන්නාමය සියැට් වේ.

සියැට් සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් ඩිමෝ හි විධායක අධ්‍යක්ෂක රජීව් පණ්ඩිතගේ මහතා, “දේශියව එකලස් කර නිෂ්පාදනය කරන Tata Xenon Yodha රථ සඳහා අපගේ නිල ටයර් සැපයුම්කරු ලෙස සියැට් ශ්‍රී ලංකා සමඟ එක්වීමට ලැබීම ගැන අපි සතුටු වෙන්නෙමු. තවද, ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය තුළ තවදුරටත් නව්‍යෝත්පාදනය හා පාරිභෝගික තෘප්තිය වැඩි කිරීමට හැකි සාර්ථක හවුල්කාරීත්වයක් වෙනුවෙන් අපි සැදී පැහැදී සිටිමු.” යනුවෙන් පැවසීය.

Views: 46

Leave a Reply

Your email address will not be published. Required fields are marked *