ශක්තිමත් මූල්‍ය වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව 3 වන කාර්තුවේ දී ණය ලබා දීම වේගවත් කරයි
පවතින වෙළඳපල තත්ත්වයන් තුළ පොලී ආදායම අඩු වීමෙන් ඇතිවූ බලපෑම්වලට ප්‍රතිචාර දක්වමින් විචක්ෂණශීලීව බැංකුකරණ කළඹ කළමණාකරණය කිරීම හා එහි CASA අනුපාතය අඛණ්ඩව වැඩිදියුණු කිරීම මගින් කොමර්ෂල් බැංකු සමූහය 2024 තුන්වන කාර්තුව අවසානයේ දී ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය විසින් 2024 සැප්තැම්බර් 30න් අවසන් මාස නවය සඳහා ශුද්ධ පොලි ආදායම රුපියල් බිලියන 88.98 ක් ලෙස වාර්තා කළ අතර මෙම කාලපරිච්ඡේදය සඳහා පොලී ආදායමේ මෙන්ම දළ ආදායමේ අඩුවීමක් පෙන්නුම් කළද, එය 46.15% ක වැඩි වීමකි.
ණය මෙන්ම රජයේ සුරැකුම්පත් සඳහා ලැබෙන පොලී අනුපාත පෙර වසරට වඩා අඩු මට්ටමක පැවති නිසා එම කාලය සඳහා වාර්තා කරන ලද රුපියල් බිලියන 241.71 ක දළ ආදායම 2023 අනුරූප මාස නවයට වඩා 5.57% කින් පහත වැටීමකි.
පොලී ආදායමට එලෙසම බලපෑම් එල්ල වූ නිසා එම ආදායම රුපියල් බිලියන 207.12 ක් දක්වා 7.77% කින් අඩු වූ නමුත්, තැන්පතු නැවත මිල කිරීම සහ CASA අනුපාතය තවදුරටත් වැඩිදියුණු කිරීම හරහා ශුද්ධ පොලී ආදායමේ ශක්තිමත් වර්ධනයක් ඇති කරමින් පොලී වියදම් කැපී පෙනෙන ලෙස 27.83% කින් රුපියල් බිලියන 118.14 ක් දක්වා අඩු කර ඇත.
“අඩු පොලී අනුපාතික පවතින කාල සීමාවන් තුළදී බැංකුවලට ඇති අභියෝගය වන්නේ කාලෝචිත ව ලාභාන්තික කළමණාකරණය කර ගනිමින් ඔවුන්ගේ කළඹ වර්ධනය කර ගැනීමයි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති, ෂාර්හන් මුෂීන් මහතා අදහස් දැක්වීය. “විචක්ෂණභාවය සහ සාධාරණත්වය පිළිබඳ අපගේ නිර්දෝෂි වාර්තාව සමඟින් පෙන්නුම් කරන ලද මූල්‍ය ශක්තිය මගින් තැන්පතු බලමුළුගැන්වීම තවදුරටත් පවත්වාගෙන යාම හා එමගින් ණය ලබා දීම තවදුරටත්වේ ගවත් කිරීමට අපට හැකියාව ලැබේ. සමාලෝචනය කරන ලද මාස නවය සඳහා වූ කාර්යසාධනය මගින් මෙම කාර්යයන් වල ප්‍රගතිය සමූහයේ ප්‍රවීණත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරයි.”
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා වැඩිදුරටත් පැවසූයේ ණය කළඹෙහි ගුණාත්මකභාවය පිළිබඳ සුපරීක්ෂාකාරී අධීක්ෂණය, හානිපූර්ණය සඳහා ප්‍රතිපාදන සාධාරණව හා ඉදිරි දැක්මක් සහිතව කළමණාකරණය කිරීම, සහ වත්කම් හා වගකීම් කාලෝචිත ලෙස නැවත මිල කිරීම හේතුවෙන් සමූහයේ මාස නවයක කාර්යසාධනය මනාව පෙන්වා දී ඇති අතර, මෙම උපාය මාර්ගය ඉදිරියට ද පවතිනු ඇති බවයි. “අස්ථාවර තත්ත්වයන් තුළදී පවා පැවති මෙම ශක්තිමත් හා ස්ථාවර කාර්යසාධනය බැංකුවට ණය දීම වේගවත් කිරීම, ඩිජිටල් පරිවර්තනය හා තිරසාරභාවය වෙනුවෙන් ආයෝජනය කිරීම සහ වෙනත් කැපවීම් ඉදිරියටත් සිදුකරගෙන යාමට අවස්ථාව ලබා දෙයි,” යනුවෙන් මනතුංග මහතා පැවසීය.
සලකා බලන මාස නවය සඳහා සමූහය රුපියල් ටි්රලියන 1.42 ක දළ ණය සහ අත්තිකාරම් වාර්තා කර ඇති අතර එය 2023 දෙසැම්බර් සිට රුපියල් බිලියන 121.06 ක නැතහොත් 9.34% ක වර්ධනයක් සහ රුපියල් බිලියන 13.45 ක මාසික සාමාන්‍යයකින් වැඩි වීමකි.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගියද මාස නවය තුළදී රුපියල් බිලියන 8.73 ක සාමාන්‍ය මාසික වර්ධනයක් පෙන්නුම් කරමින් තැන්පතු රුපියල් ටි්රලියන 2.23 ක් දක්වා එනම් 3.66% කින් වැඩි විය.
සමූහයේ මුළු වත්කම් 2024 සැප්තැම්බර් වන විට රුපියල් ටි්රලියන 2.76 දක්වා මාස නවයක් තුළදී රුපියල් බිලියන 108 කින් එනම් 4.05% කින් වැඩි විය.
සමාලෝචනය කරන ලද කාලසීමාව තුළදී සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන
115.72 දක්වා 33.86% කින් වර්ධනය විය.
Views: 80