DCSL වෙතින් කොටසකට රුපියල් 1 බැගින් රුපියල් බිලියන 4.6ක ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත DCSL (Distilleries Company of Sri Lanka PLC) සමාගම (DIST.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කෙරෙන බව සමාගම සඳහන් කරයි.
මෙය 2024/25 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 12 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස නොවැම්බර් 27 වැනිදා නම් කර තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.
2024 සැප්තැම්බර් 30 වැනිදා වනවිට DCSL සමාගම මගින් ඡන්ද හිමි කොටස් 4,600,000,000 ක් නිකුත් කර ඇති අතර, මෙම නිකුතුව යටතේ ලබාදෙන ලාභාංශවල වටිනාකම රුපියල් බිලියන 4.6කි.
එසේම DCSL සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 4,252,264,664ක් එනම් 92.44%ක්ම හිමිව ඇත්තේ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමටයි.
Views: 61