Eventsඅදහස්නව පත්වීම්ප්‍රවර්ධනපුවත්මූල්‍යරාජ්‍ය

නව රජයේ කැබිනට් මණ්ඩලය නම් කිරීම හෙට – මුදල් ඇමති ජනපති – මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය එලෙසින්ම

අලුතින් පත් වුණු ජාතික ජන බලවේගය පක්ෂ රජයේ කැබිනට් මණ්ඩලය නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී සිදු කිරීමට නියමිතව ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

මෙහිදී නව කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 23 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බවත්, ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවත්වාගෙන යනු ඇති බවත් සඳහන් වෙයි.

එසේම හරිනි අමරසූරිය යළිත් වරක් අගමැති ධුරයට පත් කිරිමටත්, විජිත හේරත් මහතා විදේශ අමාත්‍යවරයා ලෙස පත් කිරීමත් සිදු වනු ඇතැයිද මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කර සිටියි.

එසේම ජනාධිපතිවරයා විසින් සියලුම අමාත්‍යාංශය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටත් බලාපොරොත්තු වන බවද සඳහන් වෙයි.

මීට අමතරව නව රජය මගින් දැනට සිටින අමාත්‍යාංශ ලේකම්වරුන් බොහෝ දෙනෙකු ඉවත් කිරිමට සූදානමින් සිටින අතර, ඒ වෙනුවට නව පත් කිරිම් සිදු කිරීමටත් නියමිතව තිබේ.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මහින්ද සිරිවර්ධන මහතා තවදුරටත් එම ධුරයේ රැඳී සිටිනු ඇතැයි පුවත්පත පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් පවත්වන සාකච්ඡා ඊට හේතුව වී තිබේ.

Views: 2497