Eventsඅදහස්පුවත්රාජ්‍යවිදෙස්

අභිනවයෙන් තේරීපත් වූ රජයට, ලංකා වානිජ මණ්ඩලය සුභාශිංසන එක් කරයි

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජනවරමක් සහිතව බහුතර බලයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා වානිජ මණ්ඩලය, ජනපතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පැතුම් පිරිනමයි.

මනා රාජ්‍ය පාලනය, ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම, දූෂණයට එරෙහි වීම සහ ආර්ථිකය නඟා සිටුවීම කෙරෙහි ඇති එක්සත් අපේක්ෂාවන් මෙම විශිෂ්ඨ ජනතා වරමෙන් පිළිබිඹුවන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ මණ්ඩලය ලෙස, ලංකා වාණිජ මණ්ඩලය, ආර්ථික ස්ථාවරත්වය, රටෙහි සමස්ත වර්ධනය සහ තිරසාර සංවර්ධනය පෝෂණය කිරීම සඳහා නව රජය සහ පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් පෙන්වා දෙයි.

මීට අමතරව සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඇතුළු අදාල සියලු රාජ්‍ය ආයතන වලට ද සිය ස්තුතිය පුද කරන බවත් ලංකා වානිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Views: 44