Eventsඅදහස්ප්‍රවර්ධනපුවත්විදෙස්සංචාරක

සිංගප්පූරුවේ අඩුමිල Jetstar නොවැම්බර් 21 සිට කොළඹට

සිංගප්පූරුවෙහි ක්‍රියාත්මක අඩුමිල ගුවන් සේවාවක් වන Jetstar ගුවන් සේවය ලබන නොවැම්බර් 21 වැනිදා සිට සිංගප්පූරුව සහ කොළඹ අතර සිය ගුවන් ගමන් ආරම්භ කිරිමට සූදානමින් සිටින බව පවසයි.

පසුගිය අගෝස්තු මාසයේදී එම සමාගම ශ්‍රී ලංකාව සමගින් සිදු කරන මෙම ගුවන් ගමන් පිළිබඳව පළමුවරට අනාවරණය කළේය.

ඒ අනුව සිංගප්පූරුවෙහි සිට කොළඹ දක්වා සදු කරන එකම අඩුමිල ගුවන් සේවය බවටත් Jetstarපත්වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් සමූහයෙහි හේලීස් ඒවියේෂන් සමාගම Jetstar ගුවන් සමාගමෙහි මෙරට අලෙවි නියොජිතයා ලෙස පත් කර තිබේ.

මෙම Jetstar ගුවන් සේවය සතියකට සිංගප්පූරුව සහ කොළඹ අතර සහ නැවත සිංගප්පූරුව දක්වා ගුවන් ගමන් පහක් සිදු කිරිමට නියමිතව සිටියි.

ඒ සඳහා එම සමාගමෙහි එයාර්බස් A320 ගුවන් යානා යොදා ගන්නා බවත්, වසරකට මෙම ගමනාන්ත දෙක අතර අඩුමිල ගමන්වාර 90,000ක් පමණ සිදු කිරීමත් සැලසුම වී තිබේ.

මෙලෙස ගුවන් ගමන් ආරම්භය සනිටුහන් කරමින් Jetstar ගුවන් සමාගම පසුගිය අගෝස්තු මාසයේදී සිදුකළ දැනුම්දීමට අනුව සිංගප්පූරුව සහ කොළඹ අතර එක් පියාසැරියක් සඳහා ගාස්තුව සිංගප්පූරු ඩොලර් 149ක්, එනම් රුපියල් 32,416ක් ලෙස නම් කර තිබේ.

එසේම Club Jetstar සාමාජිකයන්ට එය සිංගප්පූරු ඩොලර් 139ක්, එනම් 30,217ක් බවත් සමාගම පවසයි.

Views: 218