PGP Glass Ceylon වෙතින් කොටසකට ශත 80ක් බැගින් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත PGP Glass Ceylon PLC සමාගම (GLAS.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 80ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.
මෙය 2024/25 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම පවසයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 12 වැනිදා ප්‍රකාශ කර තිබේ. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 25 නම් කර ඇත.
මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.
අද දිනයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී PGP Glass Ceylon PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 29.20ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති රුපියල් 29.10 හා සැසඳීමේදී ශත 10ක එනම් 0.34%ක ඉහළ යාමකි.
PGP Glass Ceylon PLC සමාගම මගින් මේ වන විට නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 950,086,080 වන අතර, සමස්ත ලාභාංශ නිකුතුවේ වටිනාකම රුපියල් 760,068,864 කි.
2024 සැප්තැම්බර් 30 වැනිදා වනවිට සමාගමෙහි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 747,236,631ක් එනම් 78.65%ක් හිමිව ඇත්තේ DEUTSCHE BANK AG COLOMBO BRANCH/ DB INTERNATIONAL TRUST (SINGAPORE) LIMITED/PGP GLASS PRIVATE LIMITED වෙතයි. එසේම සේවක අර්ථසාධක අරමුදල වෙත කොටස් 90,317,140ක් එනම් 9.51%ක් හිමිය.
Views: 57