CSE & SECEventsඅදහස්පුවත්

මහ ඡන්දයට පෙරම ASPI 13,000 ඉක්මවයි – රුපියල් බිලියන 6.98ක වාර්තාගත පිරිවැටුමක්

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,134.53ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 145.54ක් එනම් 1.12%ක ඉහළ යෑමකි.

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 3,941.72ක් ලෙස සටහන්වූ අතර එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 54.56ක් එනම් 1.40%ක ඉහළ යාමකි.

මේ අතර අද දිනයේදී කොටස් 204,558,625ක් ගනුදෙනු වී ඇති අතර, සමස්ත පිරිවැටුම රුපියල් 6,983,184,578.50ක් ලෙස සටහන්ව තිබේ.

අද දිනයේදී ලැයිස්තුගත සමාගම් 144ක මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, සමාගම් 60ක මිල ගණන් පහළ බැස තිබේ.

Views: 79