Eventsඅදහස්කර්මාන්තතාක්ෂණයප්‍රවර්ධනපුවත්රාජ්‍යවිදෙස්සංවර්ධන

ආචාර්ය හාන්ස්ගේ සභාපතිත්වයෙන් යුත් නව ICTA අධ්‍යක්ෂ මණ්ඩල පළමු රැස්වීම අද

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අභානව අධ්‍යක්ෂ මණ්ඩලයේ පළමු රැස්වීම අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස පත් කරන ලද ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා එහි විධායක නොවන සභාපති ලෙස කටයුතු කරයි.

සංජය කරුණාසේන, හර්ෂ පුරසිංහ, චන්දිම කුරේ, බන්ධුල රණතුංග, ජිෆ්රි සුල්ෆර්, සාමිස අබේසිංහ, ශානක රෙබෙල් යන මහත්වරු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වේ.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම ICTA හරහා සාක්ෂාත් කරගැනීම රජයේ අරමුණ වී තිබේ.

ICTA සභාපති හාන්ස් විජයසූරිය මහතා ආචාර්ය විජයසූරිය මහතා Axiata, GSMA වැනි අන්තර්ජාතික සමාගම් සහ Sri Lankan Airlines ඇතුළු කැපී පෙනෙන සංවිධාන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩලවල ද සේවය කර ඇත.

එසේම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංජය කරුණාසේන මහතා ක්ෂේත්‍රය තුළ වසර 26 ක පළපුරුද්දක් ඇති ඔහු Virtusa සහ WSO2 වැනි ගෝලීය මෘදුකාංග සමාගම් හි සේවය කර තිබේ. 2008 සිට 2013 දක්වා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන තාක්ෂණ නිලධාරියා ලෙස සේවය කර ඇති අතර Nimbus Venture (Pvt) Ltd, Pontoon (Pvt) Ltd, සහ Digital Democracy Collective හි සම-නිර්මාතෘවරයා ද වේ.

හර්ෂ පුරසිංහ මහතා මයික්‍රොඉමේජ් සමූහය (Microimage) සහ MiHCM සහ Futura Tech Labs හි නිර්මාතෘ/සම-නිර්මාතෘ වෙයි. එසේම පුරසිංහ මහතා වර්තමානයේ MiHCM හි නායකත්වය දරයි. 2007 වසරේදී ඔහුට “ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යවසායකයා” සම්මානය හිමි විය.

චන්දිම කුරේ මහතා Acornic Ventures හි හවුල්කරුවෙකු වන අතර Ayubo.life නැමැති ඩිජිටල් සෞඛ්‍ය සමාගමේ සම-නිර්මාතෘවරයා ද වේ. මීට පෙර, ඔහු හේමාස් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන ඩිජිටල් නිලධාරියා ලෙස සේවය කර ඇත.

බන්දුල රණතුංග මහතා රාජ්‍ය අංශයේ ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය පිළබඳව විශේෂඥයෙකි. රාජ්‍ය පරිපාලනය පිළිබඳව සහ ඉ-රාජ්‍යකරණය පිළිබඳව ශ්‍රාස්ත්‍රපති උපාධිධාරයෙකි.

ජිෆ්රි සුල්ෆර් මහතා PickMe සේවාව නිර්මාණය කළ Digital Mobility Solutions Lanka Ltd හි නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වේ. 2006 දී ICTA තරුණ තොරතුරු තාක්ෂණ වෘත්තීය සම්මානය ද දිනා ගන්නා ලදී.

සාමිස අබේසිංහ මහතා AI, middleware තාක්ෂණයන්, full-stack සංවර්ධනය සහ නිෂ්පාදන කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකි. ICTA හි විසඳුම් නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කර ඇති ඔහු WSO2 හි බෙදාහැරීමේ සහ ඉංජිනේරු සේවාවන්හි උප සභාපති භූමිකාවන් හොබවා ඇත.

ශානක රෙබෙල් මහතා වර්තමානයේ, ස්ට්‍රෙච්ලයින් හෝල්ඩිංග්ස් හි සමූහ ප්‍රධාන ඩිජිටල් සහ පරිවර්තන නිලධාරි වශයෙන් කටයුතු කරයි.

Views: 145