ෆොන්ටෙරා ශ්‍රී ලංකා මිලදී ගැනීමට ආයෝජකයෙකු ඉදිරිපත් වෙයි
නවසීලන්තයේ පිහිටි ලොව සුප්‍රකට කිරි නිෂ්පාදන සමාගමක් වන Fonterra සමාගම (Fonterra Co-operative Group Ltd) සතුව ඇති ඕෂනියා කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් මිලදී ගැනීම සඳහා ආයෝජකයෙකු සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි එම සමාගම පවසයි.
ඊයේ දිනයේදී Fonterra සමාගම මගින් නිකුත් කළ නිවේදනයක් තුළ එහි ප්‍රධාන විධායක නිලධාරී මයිල්ස් හරල් විසින් මේ බව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම මෙහෙයුම් අලෙවිය පිළිබඳ අවසන් තීරණය කාරණා කිහිපයක් මත පදනම් වනු ඇති බවත්, දිගුකාලීන වටිනාකම්ද ඊට ඇතුළත් වනු ඇති බවත් පවසා ඇත.
Fonterra සමාගම මෙලෙස ඕෂනියා කලාපයේ සහ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අලෙවි කිරීමට සූදානම් බවට පළමුවරට අනාවරණය කළේ මේ වසරේ මැයි මාසයේදීය.
එම අලෙවිය යටතේ එම සමාගමට අයත් Anchor, Anlene. Mainland ඇතුළු සිය පාරිභෝගික ව්‍යාපාරික මෙහෙයුම් අලෙවි කරන බව සමාගම සඳහන් කර තිබුණි.
එසේම මෙලෙස සිය මෙහෙයුම් කටයුතු අලෙවි කිරීමේ පියවර සම්බන්ධයෙන් ප්‍රගතිය ඉදිරි මාස කිහිපයේදීඅනාවරණය කිරිමට කටයුතු කරන බවත් ප්‍රධාන විධායක නිලධාරියා පවසා තිබේ.
මේ අතර අදාළ මෙහෙයුම් අලෙවි කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේදී ෆොන්ටේරා ශ්‍රී ලංකා සමාගමේ සේවකයන් දැනුවත් කිරීමටද එම සමාගමේ කළමනාකාරිත්වය කටයුතු යොදා ඇතැයිද වාර්තා සඳහන් වෙයි.
Views: 305