අඹේවෙල බටර් නව පෙනුමකින් සහ වැඩි රසයකින් යළිත් වෙළඳපොළට
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම ‘අඹේවෙල බටර්’ නැවත වරක් වෙළඳපොළට හඳුන්වා දීමට පසුගියදා පියවර ගෙන තිබේ.
ලංකා මිල්ක් ෆුඩ්ස් යනු මෙරට අතිශයින් ජනප්‍රිය අඹේවෙල සන්නාමය යටතේ පාරිභෝගිකයන් වෙත නැවුම් හා උසස්ම තත්වයෙන් යුත් කිරි නිෂ්පාදන තිළිණ කරන, දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ නොසැලෙන විශ්වාසය දිනූ සමාගමකි.
පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මැනැවින් හඳුනාගෙන, එම අවශ්‍යතාවන්ට ගැළපෙන උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, නව ආකර්ෂණීය පෙනුමක් සහ වැඩිදියුණු කළ ඇසුරුමක් සමගින් අඹේවෙල බටර් මෙලෙස නැවත වරක් වෙළඳපොළට නිකුත් කර තිබේ.
ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට ජාත්‍යන්තර තලයේ කිරි නිෂ්පාදන භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ අරමුණ වී ඇත. සමාගම සතු ගොවිපළවලින් ලබාගන්නා නැවුම් කිරි භාවිතයෙන් නිපදවන අඹේවෙල බටර්, නිවාස, හෝටල් සහ බේකරි ආදියට වඩාත් හොඳින් ගැළපෙන, පහසුවෙන් භාවිතා කළ හැකි බ්ලොක් හැඩයෙන් නිෂ්පාදනය කෙරේ.
ලංකා මිල්ක් ෆුඩ්ස් සමගම 2014 වසරේ පටන් බටර් ග්‍රෑම් 200 ඇසුරුම වෙළඳපොළට නිකුත් කර ඇති අතර, රටේ පාරිභෝගිකයන් බහුතරයකට අඹේවෙල බටර්වල නැවුම් රසය අත්විඳීමට අවස්ථාව සලසා දීම සඳහා සිය බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීමටද සමාගම මේ වනවිට පියවර ගෙන ඇත.
“කවදත් අපගේ දැක්ම වුණේ උසස් තත්වයේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා අත්වැලක් වීමයි. අඹේවෙල බටර් නිෂ්පාදන මෙලෙස නැවත වරක් වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගැනීම, ආනයන මත රඳා පැවතීමේ අවශ්‍යතාව අවම කරමින්න වෝත්පාදනය ඔස්සේ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා අප දක්වන කැපවීමට මනා සාක්ෂියක්. නව ඇසුරුම මෙන්ම නව නිෂ්පාදන එකතුව සමගින් ශ්‍රී ලාංකිකයන්ට දැන් මෙරටදීම නිපදවන ජාත්‍යන්තර තලයේ කිරි නිෂ්පාදන පෙළක් රස බැලීමට අවස්ථාව හිමි වේවි.” ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සසංක පෙරේරා මහතා පැවසී ය.
Views: 118