Eventsඅදහස්පුවත්රාජ්‍යවිදෙස්සංචාරක

ගුවන් ගමන් වාර අවලංගු කිරීම ගැන ශ්‍රී ලංකන් සමාව අයදියි

පසුගිය දින කිහිපයේදී ගුවන් යානා කිහිපයකට බලපෑ තාක්ෂණික දෝෂ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බව එම සමාගම පවසයි.

ඒ අනුව මෙම ගැටළු නිරාකරණය කර සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට සිය සමාගම උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බවත් එම සමාගම සඳහන් කරයි.

මගී ආරක්ෂාව සිය ඉහළම ප්‍රමුඛතාවය ලෙස සැලකීම මෙලෙස ගුවන් ගමන් වාර අවලංගු කිරිමට හේතුව වූ බව සමාගමේ අදහස වී තිබේ.

ඒ අනුව සිය වටිනා ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව අපි සමාව අයදින බවත්, සිය ගනුදෙනුකරුවන්ගේ ඉවසීම බොහෝ සේ අගය කරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

එසේම ගමන් වාර අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ ගුවන් මගින් අවශ්‍ය වූ ආහාර සහ නවාතැන් පහසුකම් සපයා දී ඇති බවත්, සියලු දෙනාම ඔවුන්ගේ අවසන් ගමනාන්ත වෙත රැගෙන යාමට අපි වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටින බවත් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Views: 73