ශ්‍රී ලංකාවේ 5G යෙදවීම් සක්‍රීය කරමින් SpideRadio Telecom මෙරටට එයි
Hyperjet Technologies (Pvt) Ltd Sri Lanka සහ SpideRadio Telecommunication Technology Co. Limited නව සහයෝගීතාවයක් අරඹමින් ලොව ප්‍රවේශ ජාල විසඳුම් ක්ෂේත්රයේ නවතම පිවිසුම්කරු ලෙස spideRadio සන්නිවේදන නිෂ්පාදන පසුගියදා මෙරට තුළ දියත් කරන ලදී.
විශේෂයෙන්ම මෙය ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්රය සඳහා 5G හැකියාවන් පිළිබඳ විප්ලවීය වෙනසක් කරවන්නක් බව එම සමාගම් පවසයි. එසේම මෙය ශ්‍රී ලංකාවේ සියලුම ශ්‍රී ලාංකික ටෙලිකොම් නියාමකයන්ට, ජංගම දුරකථන ක්‍රියාකරුවන්ට සහ ග්රාහකයන්ට කදිම අවස්ථාවකි.
මෙම පිවිසීම 5G තාක්ෂණය පිළිබඳ ජාල තාක්ෂණ ධාරිතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙරට සතු අභිලාෂයන් මෙමඟින් සවිබල ගන්වන අතර ආර්ථික වර්ධනයටද හිතකර පරිදි අදිවේගී අන්තර්ජාල පහසුකම් ඔස්සේ ඩිජිටල් බෙදීම අවම කරනු ඇතැයි සමාගම් පවසයි.
එබැවින් ජංගම සන්නිවේදන නිෂ්පාදන සඳහා වන දකුණු ආසියාතික වෙළෙඳපලට මෙම SpideRadio carrier-grade Intelligent, Access Network solutions of Wireless Telecom Networks සහයෝගයක් වනු ඇත.
මෙම SpideRadio 4G සහ 5G Radio Access Network (RAN) මඟින් මූලික ජාල , ස්මාර්ට් කර්මාන්තශාලා, ස්මාර්ට් කර්මාන්ත සහ විශ්ව විද්‍යාල යෙදුම් වැනි පෞද්ගලික ජාල ආවරණ ව්‍යාප්ති සඳහා ද පැහැදිලිතාවය වැඩිදියුණු කිරීම සඳහා උසස් විසඳුම් පිරිනැමීමට බලාපොරොත්තු වේ.
එමෙන්ම එවැනි ගුණාත්මක සම්බන්ධතාවයක් මඟින් ස්වයංක්‍රීය මෝටර් රථ, ඩිජිටල් මූල්‍ය, දුරස්ථ ඉගෙනුම්, නිවසේ සිට වැඩ කිරීම, රජයේ ඩිජිටල්කරණ කටයුතු , Industry 4.0 කර්මාන්ත, ඩිජිටල් ආර්ථික අරමුණු මෙන්ම සමාජය ඩිජිටල් පරිවර්තනයකට රැගෙන යන Industry 5.0 කර්මාන්ත යෙදුම් සඳහා ද වැඩි හැකියාවක් ලබා දේ.
SpideRadio හි නිෂ්පාදන පෙළ ගෘහස්ථ සහ එළිමහන් 4G සහ 5G Base Stations, ගෘහස්ථ සහ එළිමහන් 4G සහ 5G ද්විත්ව මාදිලියේ DBS / ISC Base Stations, ගෘහස්ථ සහ එළිමහන් WCDMA Base Stations, ගෘහස්ථ සහ එළිමහන් GSM Base Stations ආදී වශයෙන් වූ පුළුල් පරාසයකින් සමන්විත වේ. එමෙන්ම රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය සඳහා වන සියලුම නිෂ්පාදන අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සහ විශ්වාසනීය සම්බන්ධතාවය සඳහා ඊළඟ පරම්පරාවේ නව විසඳුම් මත පදනම් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම දුරකථන ක්‍රියාකරු වන Cellel හි සාමාජිකයෙකුවූ Hyperjet Technologies (Pvt) Ltd හි කළමනාකාර අධ්යක්ෂ චමින්ද කරුණානායක මහතා සහ ටෙලිකොම් පරිවර්තනයන් සඳහා අගයන් සැකසීමේ උපාය මාර්ග නිර්මාණය කිරීමේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකි.
චීනය පුරා පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන කිහිපයක නවෝත්පාදනයන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් වන අධ්යක්ෂව මණ්ඩල සහ ඉහළ නායකත්වයේ නවෝත්පාදනවල සහාය ඇතිව “SpideRadio” හි පුළුල් විසඳුම් කළඹ අද්විතීය, වඩාත්ම විශ්වාසදායක සහ දැරිය හැකි මිලක බව ඔහු පැවසීය.
“ටෙලිකොම් කර්මාන්තයේ දියුණුව සහ පරිවර්තනය සඳහා අපි මෙම නවතම තාක්ෂණය වර්ධනයන් හදුන්වා දෙන්නෙමු. ශ්‍රී ලංකාව, මාලදිවයින, පකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල විශාල ඉහල ඉල්ලුම නිසා දකුණු ආසියාවේ SpideRadio හි කලාපීය සේවා මධ්‍යස්ථානය බවට පත්වන අංගසම්පූර්ණ පහසුකමක් අපි ස්ථාපිත කරමු“ ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ Telecom නිෂ්පාදන පිළිබඳ විශාලතම විකුණුම්කරු ලෙස වසර 20කට වඩා දිගු කාල පරිච්ඡේදයක් පුරා සිය කීර්ති නාමය තහවුරු කරගනිමින් optical fibre cable සහ FTTH උපාංග සඳහා ප්‍රමුඛස්ථානය දිනා ගත් සමාගමක් ලෙස Hyperjet Technologies (Pvt) Ltd හැඳින්විය හැකිය.
එමෙන්ම telecom අංශයේ නවෝත්පාදන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම පේටන්ට් බලපත්‍රය හිමිකරුවා වන මෙම ආයතනය 2019 වසරේදී ISO 56002 නවෝත්පාදන කළමනාකරණ පද්ධතිය ලබා ගත් ආසියාවේ පළමු සමාගමද වේ.
මීට අමතරව ISO 9001, ISO 14001, ISO 22301, ISO 26000, ISO 27001 සහ ISO 45001 සහ ISO 56002 සහතික ආදී වූ ශ්‍රී ලංකා ප්‍රමිති සහතික (SLSI) සහ SGS, Control Union Inspections සහ URS සහතික ලබා ගැනීමටද Hyperjet Technologies (Pvt) Ltd සමත් වී තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ අනෙකුත් සියලුම ටෙලිකොම් ක්‍රියාකරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් සමඟ දිගු කාලීන සබඳතා ගොඩනගා ගත් හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන මෙම සමාගම ඔවුන් සතු ගුණාත්මකභාවය , විශ්වසනීය බව සහ අලෙවියෙන් පසු සේවාව ඔස්සේ ඉහළ ශ්‍රේණිගත විකිණුම්කරුවෙකු ලෙස සිය ස්ථාවර ගොඩනගාගෙන සිටියි.
Views: 92