Eventsඅදහස්මහ බැංකුවරාජ්‍යවිදෙස්සංචාරක

විදේශ මුදල් රැගෙන ඒමේදී සහ රැගෙන යාමේදී රේගුව දැනුවත් කරන ලෙස දැනුම් දීමක්

ගුවන් මාර්ගයෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන අවස්ථාවකදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටවන අවස්ථාවකදී හෝ තමන් සතුව ඇති විදේශ මුදල් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව වෙත පැහැදිලි කිරීමක් සිදු කළ යුතුව ඇතැයි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ මුදල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයක් අනුව එම සමාගම මේ පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව රටින් පිටවන අවස්ථාවකදි හෝ රට වෙත පැමිණෙන අවස්ථාවකදී ගුවන් මගියෙකු සතු විදේශ මුදල්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් 15,000කට අධික හෝ ඊට සමාන වෙනත් විදේශ මුදල් ප්‍රමාණයක් පවතින අවස්ථාවකදී.

එසේම රටට පැමිණි ගුවන් මගියෙකු යළිත් එක්සත් ජනපද ඩොලර් 10,000කට අධික හෝ ඊට සමාන වෙනත් විදේශ මුදල් ප්‍රමාණයක් නැවත ආපසු රැගෙන යාමක් සිදුකළ යුතු අවස්ථාවකදී.

මීට අමතරව රටින් පිටවන අවස්ථාවකදී ගුවන් මගියා සතුව එක්සත් ජනපද ඩොලර් 10,000කට අධික හෝ ඊට සමාන වෙනත් විදේශ මුදල් ප්‍රමාණයක් පවතින අවස්ථාවකදී මෙම පැහැදිලි කිරීම සිදුකළ යුතුව ඇතැයි මහ බැංකුවේ විදේශ මුදල් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Views: 111