CSE & SECEventsතාක්ෂණයනව පත්වීම්පුවත්විදෙස්

භාරතී එයාර්ටෙල්හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී රන්දීප් සිං ඩයලොග් ආසිආටා අධ්‍යක්ෂ මණ්ඩලයට

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස රන්දීප් සිං සෙඛොන් මහත් පත් කරගත් බව එම සමාගම පවසයි.

ඊයේ දිනයේදී පැවැත්වුණු ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව රන්දීප් සිං මහතා ඩයලොග් ආසිආටා සමාගමෙහි ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කරගන්නා බව සමාගම පවසයි.

රන්දීප් සිං මහතා ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් සමාගමෙහි ප්‍රධාන තාක්ෂණික නිලදාරී සහ ජාල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සහ එයාර්ටෙල් ලංකා ලිමිටඩ් ඒකාබද්ධවීමෙන් අනතුරුව සමාගමෙහි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා ලෙස පත්වූ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් සමාගම නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සොයුමන් රේ මහතා එම අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

රේ මහතා අද (නොවැම්බර් 08) සිට සිය අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම පවසයි.

2024 සැප්තැම්බර් 30 වැනිදා වනවිට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 952,694,689ක් එනම් 10.36%ක් භාරතී එයාර්ටෙල් ලංකා ලිමිටඩ් සමාගම වෙත හිමිව තිබේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි වැඩිම කොටස් හිමිකාරීත්වය එනම් කොටස් 6,785,252,765ක් එනම් 76.75%ක් මැලේසියාවේ ආසිආටා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම වෙත අයත්ය.

Views: 107