Eventsප්‍රවර්ධනපුවත්බැංකුවිදෙස්සමීක්ෂණ

කොමර්ෂල් බැංකුව 22 වන වසරටත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ හි ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව වෙයි

සුප්‍රසිද්ධ ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරා පත් කර ගෙන තිබේ.

ඒ අනුව ඊට අදාළ සම්මානය කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා සහ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා විසින් මෑතකදී වොෂින්ටන් ඩීසී හි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීමට සමගාමීව පිළිගැනීම සිදු කර තිබේ.

ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් වාර්ෂිකව පළ කරන ‘ලෝකයේ හොඳම බැංකු’ 2024 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත වූ 22 වන වසර මෙයයි.

හොඳම බැංකු සම්මානය පිරිනැමීම තුළින් පුළුල් පරාසයක සේවාවන්, දිගු කාලීන විශ්වාසනීයත්වය හා තාක්ෂණික නවෝත්පාදනයන් සහ වේගයෙන් වෙනස් වන පොලී අනුපාතය අනුව ඔවුන්ගේ වත්කම් හා වගකීම් බුද්ධිමත්ව කළමනාකරණය කරනු ලබන මූල්‍ය ආයතන මෙම සඟරාව හඳුනා ගනියි.

ෂර්හාන් මුසීන් මහතා සහ මනතුංග මහතා ග්ලෝබල් ෆයිනෑන්ස් හි නිර්මාතෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජෝසප් ඩී.ජියාර්රාපුටෝ මහතා අතින් සම්මානය ලබා ගැනීමේ අවස්ථාව සේයාරුවෙන්
දැක්වේ.

Views: 63