එමිරේට්ස් සමූහයෙන් 2024-25 සඳහා වාර්තාගත අර්ධ වාර්ෂික ප්‍රතිඵලයක්
එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් හොඳම අර්ධ වාර්ෂික මූල්‍ය කාර්යසාධනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ 2024-25 පළමු මාස හය සඳහා බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 10.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.8) ලාභයක් වාර්තා කරමිනි. එම අගය, පසුගිය වසරේ අනුරූප කාලසීමාව සඳහා වූ වාර්තාගත පෙර බදු ලාභයේ අගය අභිබවා යාමකි.
2023 දී පනවන ලද එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආදායම් බද්දට එමිරේට්ස් සමූහය යටත් වන පළමු මූල්‍ය වර්ෂය මෙය වේ. 9% ක බදු අය කිරීම ගිණුම්ගත කිරීමෙන් පසුව, සමූහයේ බදු ගෙවීමට පසු ලාභය ඩිරාම් බිලියන 9.3 (ඇමරිකානු ඩොලර් බිලියන 2.5) ක් විය.
සමූහයේ ආදායම 2024-25 පළමු මාස හය සඳහා ඩිරාම් බිලියන 70.8 (ඇමරිකානු ඩොලර් බිලියන 19.3) ක් වූ අතර එය පසුගිය වසරේ ඩිරාම් බිලියන 67.3 (ඇමරිකානු ඩොලර් බිලියන 18.3) ක අගයේ සිට 5% ක වැඩි වීමකි. මෙමගින් පිළිබිඹු වන්නේ ව්‍යාපාරික අංශ සහ විවිධ කලාප හරහා පවතින අඛණ්ඩ හා ශක්තිමත් පාරිභෝගික ඉල්ලුමයි.
එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය. “2024-25 පළමු භාගය සඳහා විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා දෙමින් සමූහය පසුගිය වසරේ වාර්තාගත කාර්යසාධනය අභිබවා ගොස් ඇත. මෙයින් විදහා පාන්නේ ජීවත් වීමට, රැකියාවේ යෙදීමට, සංචාරය කිරීමට, සබඳතා ගොඩනඟා ගැනීමට හා ව්‍යාපාර කටයුතු සඳහා තෝරාගත හැකි හෙඳම නගරයක් බවට පත් වීම අරමුණු කරගත්, ඩුබායි හි සංවර්ධන ගමන් මාවත සමඟ ඒකාබද්ධ වී වැඩ කිරීමට හැකි ලෙස ප්රත්යක්ෂ වී ඇති අපගේ ව්‍යාපාර ආකෘතියේ බලයයි.”
පසුගිය වසරේ අර්ධ වසර සඳහා ලබාගත් ඩිරාම් බිලියන 9.5 (ඇමරිකානු ඩොලර් බිලියන 2.6) ක අගය හා සසඳන විට එමිරේට්ස් ගුවන් සේවයේ 2024-25 පළමු භාගය සඳහා වාර්තා කර ඇති ඩිරාම් බිලියන 9.7 (ඇමරිකානු ඩොලර් බිලියන 2.6) බදු ගෙවීමට පෙර ලාභය නව වාර්තාවකි. එමිරේට්ස් හි බදු ගෙවීමෙන් පසු ලාභය ඩිරාම් බිලියන 8.7 (ඇමරිකානු ඩොලර් බිලියන 2.4) කි.
අනෙකුත් මෙහෙයුම් ආදායම් අතුළුව ඩිරාම් බිලියන 62.2 (ඇමරිකානු ඩොලර් බිලියන 16.9) ක් වූ එමිරේට්ස් ගුවන් සේවයේ ආදායම, පසුගිය වසරේ එම කාලය සඳහා වූ ඩිරාම් බිලියන 59.5 (ඇමරිකානු ඩොලර් බිලියන 16.2) ආදායම හා සසඳන විට 5% ක වැඩි වීමකි.
වෙළඳපල තුළ නිරතුරුව පවතින ශක්තිමත් සංචාරක සහ ගුවන් භාණ්ඩ ඉල්ලුම සහ පාරිභෝගිකයින්ට විශාල වටිනාකම් හා සේවාවන් සැපයීමට ඔවුනට ඇති හැකියාව, ගුවන් සේවයේ මෙම නව වාර්තාගත ආදායමට හේතු වූ ගුණාංග ලෙස දැක්විය හැක.
එමිරේට්ස් ගුවන් සේවය විසින් 2024 අප්‍රේල් පළමුවන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය තුළදී මගීන් මිලියන 26.9 ක් ප්‍රවාහනය කර ඇති අතර එය පසුගිය වසරේ එම කාල සීමාවේ මගීන්
ප්‍රමාණයට වඩා 3%ක වැඩි වීමකි.
Views: 56