Eventsකර්මාන්තප්‍රවර්ධනපුවත්රාජ්‍යවිදෙස්

EDB සංවිධානය කරන ශ්‍රී ලංකාවේ පළමු සමුද්‍රීය සමුළුව “Voyage Sri Lanka 2024” වෙත ලියාපදිංචියට අවස්ථාව

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍ර‍ථම වරට සංවිධානය කරන Voyage Sri Lanka 2024  සමුළුව ලබන නොවැම්බර් 26 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශයේ සියළුම පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් ශ්‍රි ලාංකීය සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශය ප්‍ර‍වර්ධනය කරන Voyage Sri Lanka 2024  සමුළුව වෙත සමුද්‍ර සහ අක්වෙරළ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, ආයෝජකයින්, විශේෂඥයින් සහ විවිධ පාර්ශවකරුවන් එක්කිරීම අපේක්ෂාව වී තිබේ.

ශ්‍රී ලංකාවේ සාගර සම්පත්වල අනාගතය ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම Voyage Sri Lanka 2024  සමුළුවේ අරමුණයි.

මෙහිදී තිරසාර සමුද්‍රීය භාවිතයන්, තාක්ෂණික දියුණුව සහ අනාගත ආයෝජන සහ අපනයන අවස්ථා පිළිබඳ සාකච්ඡා සමඟින් ක්ෂේත්‍රයේ විශේෂඥයන් ප්‍ර‍වීනයින් හා සෙසු වෘත්තිකයින් සමඟ ජාලගත වීමට සමුද්‍රීය අංශය පිළිබද උනන්දුවන ඔබට මෙය ඉතාමත් වැදගත් අවස්තාවක් වන බවත් එම මණෟඩලය පවසයි.

www.voyagesrilanka.lk ඔස්සේ මෙම සමුළුව සඳහා ලියාපදිංචි වී ඔබගේ ස්ථානය අදම වෙන්කරවා ගන්නා ලෙස සමුද්‍රීය අංශය සදහා උනන්දු වන සැමට ආරාධනා කර සිටින බවත් අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කර සිටියි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා exposervices@edb.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකථන අංක +94 11 2300 723 ප්‍රියදර්ශනී මහත්මිය: +94772494807 | පවිත්‍ර මහතා : +94778235671 ඔස්සේද සම්බන්ධ විය හැකිය.

Views: 50