ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය හා අවබෝධතා ගිවිසුමක
ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය හා අවබෝධතා ගිවිසුමකට පිවිසීම පසුගියදා සිදු වුණු බව පවසයි.
මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදීව්ට මුද් සැපයීම සහ ඒ ආශ්රිත අපරාධ සහ ඊට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ නඩු පැවරීම් පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම අවබෝධතා ගිවිසුමට පිවිස තිබේ.
2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව, මූල්‍ය බුද්ධි ඒකකය මගින් මෙම අවබෝධතා ගිවිසුමට එළැඹ තිබේ.
මෙහිදී එම ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සහ රෙජිස්ට්‍රාර් සංජීව විමලගුණරත්න මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය අදාළ ආයතන වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළෑක්වීමේ හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියේ මෙම අත්සන් තැබීම සිදු කර තිබේ.
මෙම ගිවිසුම අත්සන් තැබීමත් සමගින්ම මූල්‍ය බුද්ධි ඒකකය, මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදීව්ට මුද් සැපයීම සහ ඒ ආශ්රිත අපරාධ සහ ඊට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ නඩු පැවරීම් පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මේ දක්වා අවබෝධතා ගිවිසුම්වලට එළැඹ ඇති දේශීය රාජ්‍ය ආයතන සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ යයි.
ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලිසිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරබදු දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අනෙකුත් රාජ්‍ය ආයතන අතර වෙයි.
එසේම මූල්‍ය බුද්ධි ඒකකය විදේශීය පාර්ශ්ව 45ක් සමගින්ද මේ වනවිට අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේ.
Views: 65