ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ලෝක ආර්ථිකයට කෙසේ බලපාවිද?
ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ලෝක ආර්ථිකයට බලපෑ හැකි ආකාර කිහිපයක් පවතින බව ආර්ථික විශේෂඥයන්ගේ අදහස වී තිබේ.
මෙහිදී එම බලපෑම් ධනාත්මක මෙන්ම ඍණාත්මක විය හැකි අතර, එය ඔහුගේ ප්‍රතිපත්ති, ලෝකයේ වෙනත් රටවල ප්‍රතිචාර සහ ගෝලීය ආර්ථික තත්ත්වය මත රඳා පවතිනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
ඊයේ (06) දිනයෙදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන් අමතා සිදු කළ කතාවේදීද සිය අනාගත ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කරුණු සඳහන් කළේය. එසේම ඔහු සිය මැතිවරණ ව්‍යපාරය යටතේ සිදුකළ මැතිවරණ රැළි සියල්ලෙහිදීද මෙම ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කතා කළේය.
මේ අතරින් ප්‍රධානතම බලපෑම වන්නේ එක්සත් ජනපදය වෙත ලැබෙන ආයෝජන ඉහළ යෑමයි. මූලිකවම ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ආයෝජනයට උත්තේජනයක් ලබා දිය හැකිවීම ඊට හේතුවයි..
එසේම ට්රම්පගේ පාලනය යටතේ නියාමනය අඩුවීමත් බොහෝ ව්‍යාපාරවලට පහසුවෙන් ක්‍රියා කිරීමට ඉඩ සලසා දෙනු ඇත. මෙය නව්‍යකරණයට හා ආර්ථික වර්ධනයට උත්තේජනයක් විය හැකි බව විශේෂඥයන්ගේ අදහස වී තිබේ.
මීට අමතරව ට්‍රම්ප් අනෙකුත් රටවල් සමගින් පවතින වෙළඳ ගිවිසුම් නැවත සාකච්ඡා කිරීමට යොමු විය හැකි අතර, එමඟින් ඇමරිකානු නිෂ්පාදන සඳහා වෙළඳපල පුළුල් විය හැකි බවද වාර්තා පවසයි.
ට්‍රම්ප්ගේ මෙම ආර්ථික ප්‍රතිපත්ති තුළ ඇති ඍණාත්මක බලපෑම් අතර වෙළඳ යුද්ධය ප්‍රධාන වෙයි. විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ වෙළඳ ගිවිසුම් පිළිබඳ ප්‍රතිපත්ති වෙළඳ යුද්ධයකට තුඩු දිය හැකිය යන්න අදහසයි. මෙය ගෝලීය වෙළඳාම අඩාල කර ආර්ථික වර්ධනය මන්දගාමී කළ හැකි වීම ගැටලුවයි.
එසේම ට්‍රම්ප්ගේ ප්රතිපත්තීන්හි බොහෝ විට පවතින අනපේක්ෂිත හා අනිශ්චිත බව ආයෝජකයින් විශ්වාසය බිඳවැටී, ආයෝජන අඩු කිරීමට හේතු විය හැකි විය හැකි බවත් අදහස වී තිබේ.
මීට අමතරව ට්‍රම්ප්ගේ “ඇමරිකාව පළමුව” ප්‍රතිපත්තිය හේතුවෙන් ඇමෙරිකාවට ලැබෙන ගෝලීය සහයෝගීතාව අඩු වීමට හේතු විය හැකි බවටද ආර්ථික විශේෂඥයන්ගේ මතයවී තිබේ. ඒ අනුව මෙය ගෝලීය ගැටලු විසඳීමට ඇති හැකියාව අඩු කරනු ඇතැයිද ඔවුන් සඳහන් කරයි.
“ට්‍රම්ප්ගේ ඇමරිකාව පළමුව ප්‍රතිපත්තිය හරහා ඇමරිකානු නිෂ්පාදන සහ රැකියා ආරක්ෂා කිරීම සඳහා වෙළඳ බාධක ඉහළ නැංවීම සහ විදේශීය භාණ්ඩ මත තීරුබදු පැනවීම සිදු වේවි.“
ට්‍රම්ප් මෙම ආර්ථික ප්‍රතිපත්ති සිය පළමු ධුර කාලයේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වූ අතර, එම ප්රතිපත්තිවල ධනාත්මක බලපෑම් කිහිපයකි.
ඒ අනුව 2017 සිට 2020 දක්වා කාලය තුළ ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් වීම, තෙල් මිල පහත වැටීම හේතුවෙන් පාරිභෝගිකයින්ට වාසිදායක තත්ත්වයක් ඇති වීම සහ බදු කප්පාදු හේතුවෙන් බොහෝ ඇමරිකානුවන්ට අතේ රැඳෙන මුදල වැඩි වීම යනාදිය සිදු විය.
එසේම මෙම ප්රතිපත්තිවල ඍණාත්මක බලපෑම්ද පවතී, වෙළඳ යුද්ධ හේතුවෙන් ගෝලීය ආර්ථිකයට අහිතකර තත්ත්වයක් ඇති වීම, රාජ්‍ය ණය ඉහළ යාම, පරිසරයට අහිතකර බලපෑම් ඇති වීම සහ සමාජ අසමානතාවය වැඩි වීම ඒ අතර වෙයි.
ඒ අනුව සාරාංශයක් ලෙස, ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති ඇමරිකානු ආර්ථිකයට ධනාත්මක බලපෑම් ඇති කළද, ගෝලීය ආර්ථිකයට සහ ඇමරිකානු සමාජයට දිගු කාලීනව ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.
Views: 107