CSE & SECඅදහස්පුවත්

JKH වෙතින් කොටසකට ශත 5ක් බැගින් රු. මිලියන 826ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝලඩිංග්ස් පීඑල්සී සමාගම (JKH.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 5ක් (0.05ක්) ලෙස මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2024/25 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දින ලෙස දෙසැම්බර් 04 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස නොවැම්බර් 14 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය 2022/23 සහ 2023/24 මූල්‍ය වර්ෂ දෙක සඳහාම කොටසක ශත 50ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කළේය.

එම අවස්ථාවේදී සමාගම මගින් නිකුත් කර තිබූ සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 1,652,899,552ක් විය.

කෙසේ වෙතත් මේ වසරේ ඔක්තෝබර් මාසයේදී එම සමාගම එතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම තවත් කොටස් 10කට අතුරු බෙදීමක් සිදු කළේය.

ඒ අනුව මේ වනවිට සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් සංඛ්‍යාව කොටස් 16,528,995,520ක් ලෙස සටහන්ව තිබේ.

මෙලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම කොටසකට 0.05ක් බැගින් ලාභාංශ ගෙවීමේ දී කොටස් හිමිකරුවන්ට හිමි වන සමස්ත මුදල රුපියල් 826,449,776ක් ලෙස සටහන්ව ඇත.

2022/23 මූල්‍ය වර්ෂය සඳහා සමාගම ලබාදුන් ලාභාංශයෙහි වටිනාකම රුපියල් 692,458,000ක් විය. එසේම 2023/24 මූල්‍ය වර්ෂය සඳහා එය රුපියල් 749,818,000ක් විය.

2024 සැප්තැම්බර් 30 වැනිදා වනවිට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 291,105,699ක් එනම් 19.4%ක් HWIC Asia Fund අරමුදලට හිමිය. එසේම කොටස් 128,917,111ක් එනම් 8.6%ක හිමිකාරීත්වයක් පවතින්නේ හැරී ජයවර්ධන මහතාට අයත් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමටයි. තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන එස්.ඊ. කැප්ටන් මහතාට අයත් කොටස් ප්‍රමාණය 104,154,807ක් වන අතර එය 6.9% කි.

Views: 98