Eventsනව පත්වීම්පුවත්බැංකුරාජ්‍ය

City Bank Sri Lanka හි හිටපු අධ්‍යක්ෂ කාවින්ද ද සොයිසා ලංකා බැංකු සභාපති ධුරයට

රජයට අයත් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවෙහි නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා මහතා පත් කර ඇතැයි එම බැංකුව පවසයි.

කාවින්ද ද සොයිසා මහතා සතුව වසර 30කට අධික කාලයක් පුරා බැංකුකරුවෙකු ලෙස අත්දැකීම් සහිත වෘත්තිකයෙකු බවත්, වසර 25කට අධික කාලයක් කළමනාකරුවෙකු ලෙස අත්දැකීම් පවතින බවත් බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මෙම අත්දැකීම්ද සමගින් ඒ මහතා ලංකා බැංකුව වෙත නායකත්වය මෙන්ම උපායමාර්ගික දැක්මත්ද එකතු කරනු ඇතැයි බැංකුව පවසයි.

එසේම දේශීය සහ ගෝලීය වෙළෙඳ පොළ තත්ත්වයන් සම්බන්ධයෙන් ඒ මහතා සතුව පවතින ගැඹුරු අවබෝධය ලංකා බැංකුවෙහි කාර්යයන් සඳහා සහයෝගයක් ලබා දෙනු ඇතැයිද බැංකුව සඳහන් කරයි.

මෙම පත් කිරිමට පෙරාතුව කාවින්ද ද සොයිසා මහතා සිටි බැංකුවෙහි (City Bank) හි මෙරට ශාඛාවේ අධ්‍යක්ෂවරයා සහ ව්‍යාපාර ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

එහිදී වසර 20කට ආසන්න කාලයක් පුරා එම බැංකුවෙහි පවතින ඒ මහතාගේ අත්දැකීම් තුළ සාංගමික සහ අයෝජන බැංකුකරණය, ප්‍රාග්ධන වෙළෙඳ පොළ, අවදානම් කළමනාකරණය සහ උපදේශනය යනාදියත් පවතී.

Views: 149