තිලාන් විජේසිංහ Mahindra Ideal Finance අධ්යක්ෂ මණ්ඩලයට
තිලාන් විජේසිංහ මහතා Mahindra Ideal Finance Limited (MIFL) සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරී ඇතැයි එම සමාගම පවසයි.
ඒ මහතා ආයෝජන බැංකුකරුවෙකු සහ TWC සමූහයේ හිමිකරු මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය – පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරකරණයේ (PPP) පුරෝගාමියෙකුද වෙයි.
MIFL සමාගම ඉන්දියාවේ Mahindra හා Mahindra Financial Services Ltd (Mahindra Finance) සහ ශ්‍රී ලංකාවේ Ideal Motors (අයිඩියල් මෝටර්ස්) යන සමාගම් ද්විත්වයේ ඒකාබද්ධ ව්‍යාපාරයකි.
තිලාන් විජේසිංහ මහතා ආයෝජන බැංකුකරණයේ හා මූල්‍ය සේවාවන් හි අසමසම විශේෂඥතාවයකින් මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යාපාරික උපායමාර්ගයන් පිළිබද ගැඹුරු අවබෝධයකින් ද සමන්විත අයෙකි. හෙතෙම 2012 වසරේ දී TWC සමූහය ආරම්භ කිරීමට පෙර රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ ද සේවය කොට අත්දැකීම් ලබා තිබේ.
ඒ අනුව පුද්ගලික අංශයේ සමාගම් වන ඒෂියන් හොටේල්ස් ප්‍රොපටීස් PLC සහ ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් Ltd, ඕවර්සීස් රියල්ටි PLC යන ආයතනවල කළමනාකරණ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් සංචාරක, විද්‍යුත් වාණිජ්‍ය හා මැණික් කැපීම යන ක්ෂේත්රවල පුරෝගාමී ව්‍යාපාර සදහා සම නිර්මාතෘත්වයත් දක්වා තිබේ. රාජ්‍ය අංශයේ දී ආයෝජන මණ්ඩලයේ සහ රාජ්‍ය- පුද්ගලික හවුල්කාරීත්වය පිළිබද ජාතික ආයතනයේ හිටපු සභාපති ලෙසත් තිලාන් විජේසිංහ මහතා කටයුතු කොට ඇත.
නව පත්වීම පිළිබද අදහස් දක්වමින් තිලාන් විජේසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය. “Mahindra Ideal Finance සමග මේ මොහොතේදී සම්බන්ධ වන්නට ලැබීම විශාල ගෞරවයක්. විශේෂයෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 13ක වත්කම් පදනමක් සහිත ඉන්දියාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Finance of India ආයතනය ප්‍රධාන කොටස් හිමිකාරිත්වය දරන මෙම සමාගමේ, වර්ධනයේ නව ගමනකට එක්වන්නට ලැබීම විශේෂත්වයක් ලෙස සදහන් කළ යුතුමයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පිබිදීමක් ලබාගන්නා මේ අවධියේ එහි කොටස්කරුවෙකු ලෙස නවීන මෙන්ම ඩිජිටල්කරණය වූ මූල්‍ය විසදුම් පිරිනැමීමට MIFL දක්වන දායකත්වය කෙරෙහි මගේ විශේෂ අවධානය යොමුවනවා.”
තිලාන් විජේසිංහ මහතා නිව්යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද විද්‍යාවේදී (Summa cum Laude) උපාධිධාරියෙකු වනවා පමණක් නොව කොර්නෙල් විශ්ව විද්‍යාලයේ කර්මාන්ත ඉංජිනේරුකරණය සහ ආර්ථික විද්‍යාව පිළිබද ද්විත්ව විද්‍යාවේදී (Summa cum Laude) උපාධිධාරියෙකුද වෙයි.
Views: 116