වින්ඩ්ෆෝර්ස් වෙත මාලදිවයිනේ සූර්යපැනල ව්‍යාපෘතියක් හිමි වෙයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගමක් වන වින්ඩ්ෆොර්ස් පීඑල්සී සමාගම (WIND.N0000) වෙත මාලදිවයිනේ, කොකූන් දූපත්හි වහලමත පිහිටුවන සූර්ය පැනල ව්‍යාපෘතියක් සඳහා අවස්ථාව හිමිව ඇතැයි පවසයි.
ඒ අනුව 366 kWp ක ධාරිතාවකින් යුත් මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය නිර්මාණය, ප්‍රසම්පාදනය සහ පවත්වාගෙන යාම සඳහා මෙහිදී එකඟතාවට පිවිස තිබේ.
මාලදිවයිනේ පිහිටි Cocoon Investment පෞද්ගලික සමාගම නම් සමාගමක් මෙම ව්‍යාපෘතියෙහි ගනුදෙනුකරුවා බව වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.
කොකූන් දූපතේ පිහිටි සංචාරක නිකේතනයක වහලය මත මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය පිහිටුවීම සැලසුම වී තිබේ.
මාස හයක ව්‍යාපෘති කාලයක් පවතින මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතියෙහි පිරිවැය එක්සත් ජනපද ඩොලර් 296,372ක් බව සමාගම සඳහන් කරයි.
Views: 75