ටාටා සමූහයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වෙයි
ඉන්දියාවේ පැරණිතම සමාගම් සමූහයක් වන ටාටා සමූහයේ හිටපු සභාපතිවරයා වන සුප්‍රකට ව්‍යාපාරික රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව එම සමාගම පවසයි.
අභාවප්‍රාප්ත වන විට එ මහතා 86 හැවිරිදි වියේ පසුවිය. ඔහු දශක ගණනාවක් ටාටා සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
ආසන්න කාලසීමාවේදී පත්ව සිටි රෝගී තත්ත්වය මෙම මරණයට හේතුව බව පවුලේ සාමාජිකයෝ පවසති. ටාටා සන්ස් සමූහයේ වර්තමාන සභාපති නටරාජන චන්ද්‍රසේකරන් ඊයේ රාත්රියේදී රතන් ටාටාගේ අභාවය නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද රතන් ටාටාගේ අභාවය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් තබමින්, ඔහු දැක්මක් සහිත වූ ව්‍යාපාර නායකයෙකු බව පවසා තිබේ. එසේම ඔහු දයානුකම්පාවක් සහිත සුවිශේෂී මනුෂ්‍යයෙකු වූ බවත් අගමැතිවරයා සඳහන් කර තිබේ.
1991 වසරේදී ටාටා සමූහයේ සභාපතිවරයා බවට පත්වීමට පෙරාතුව රතන් ටාටා මහතා ටාටා සමූහයට අයත් සමාගම් රැසකම සේවය කර තිබේ. ඒ අතර ටාටා මෝටර්ස් ලිමිටඩ්, ටාටා ස්ටීල් ලිමිටඩ යනාදී සමාගම්ද වෙයි.
2000 වසරේදී රතන් ටාටා මහතා ඉන්දියානු පුරවැසියෙකුට හිමිවන ඉහළම ගෞරව සම්මානයවන පද්ම භූෂන සම්මානයෙන්ද පිදුම් ලැබීය. එසේම ඉන්දියානු පුරවැසියෙකුට හිමිවන දෙවැනි වටිනාම ගෞරව සම්මානයවන පද්ම විභූෂණ සම්මානයෙන් ඔහු 2008 වසරේදී පිදුම් ලැබුවේය.
ටාටා සමූහය සතුව අද වනවිට ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරාද විහිදුණු සමාගම් 100කට අධික සංඛ්‍යාවක් පවතී. එම සමාගම්හි සේවයේ නිරත පිරිස 350,000කට අධික බව පැවසෙයි.
Views: 74