Unisyst Engineering PLC අද සිට කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතව තිබූ Unisyst Engineering PLC සමාගමෙහි (ALUF.N0000) කොටස් අද (08) දිනයේ සිට එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මේ වසරේ අප්‍රේල් අප්‍රේල් 09 වැනිදා ඊට අදාළ අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා විනිමය හා සුරැකුමපත් කොමිසමද කටයුතු යොදා තිබුණි.

ඒ අනුව සමාගමෙහි සියලු කොටස් හිමිකරුවන් වෙත කොටසක් සඳහා රුපියල් 6.00ක් බැගින් ලබා දෙමින් මෙම කොටස් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කරගැනීම Unisyst Engineering PLC සමාගම පියවර ගත්තේය.

හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන Unisyst Engineering PLC සමාගම ඇලුමිනියම් නිෂ්පාදන පිරිසැකසීම සහ නිෂ්පාදනයේ යෙදුනු සමාගමකි.

2023 දෙසැම්බර් 31 වැනිදා වන විට එම සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 28,739,393ක් එනම් 65.14%ක ප්‍රතිශතයක් Advantis Projects and Engineering (පෞද්) සමාගමට අයත් විය. එසේම ඉතිරි කොටස් 34.78%ක ප්‍රතිශතය කොටස් හිමිකරුවන් 1,680ක් අතර බෙදී ගොස් තිබුණි.

Views: 184