කොමර්ෂල් බැංකුවේ බංගලාදේශ මෙහෙයුම් ඉන්දීය වාණිජ මණ්ඩලයෙන් විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනී
කොමර්ෂල් බැංකුවේ, බංගලාදේශ මෙහෙයුම් 2024 ආසියාවේ නැගී එන බැංකු සම්මාන උළෙලේ දී විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනිමින් ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් ගෞරවයට පාත්‍ර වී ඇතැයි එම බැංකුව පවසයි.
බංගලාදේශයේ හොඳම විදේශීය බැංකුව, බංගලාදේශයේ ක්‍රියාත්මක වන විදේශිය බැංකු අතරින් වර්ධනය සඳහා වූ හොඳම කාර්ය සාධනය, වත්කම්වල ගුණාත්මකභාවය වෙනුවෙන් දැක්වූ හොඳම කාර්ය සාධනය සහ අවදානම් කළමණාකරණයේ හොඳම කාර්ය සාධනය මෙම සම්මාන 4 විය.
මෙම සම්මාන පදනම් වී ඇත්තේ ලාභදායීබව, කාර්යක්ෂමතාවය, කළමනාකරණය, තිරසාරබව යනාදී ක්ෂේත්‍ර කීපයක ප්‍රධාන කාර්යසාධන දර්ශක විශ්ලේෂණය කිරීම මත ය. තවද එහිදී වත්කම්, අත්තිකාරම්, තැන්පතු, ආයෝජන, පොලී ආදායම සහ ලාභ ලැබීම් මෙන්ම අක්‍රීය වත්කම්, ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාත, හරිත ණය ලබා දීම් සහ සමාජ සත්කාරක වගකීම් වෙනුවෙන් සිදුකළ වියදම් යනාදී දත්ත ද සළකා බලනු ලැබේ.
ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන බැංකු සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකු බංගලාදේශ කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණයට සුභ පතමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “අපගේ බංගලාදේශ මෙහෙයුම ආරම්භයේ සිටම අපට අභිමානය සහ ආශිර්වාදයක් වූ අතර දැන් එය කොමර්ෂල් බැංකු සමූහයේ කාර්ය සාධනය සඳහා වැදගත් දායකත්වයක් දක්වයි.”
කොමර්ෂල් බැංකුවේ බංගලාදේශ ශාඛාවේ ප්‍රධාන විධායක නිළධාරී නජිත් මීවනගේ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය: “මෙම සම්මාන සේවා ස්ථාන 20ක් පුරා සේවය කරන අපගේ කාර්ය මණ්ඩලයේ සෑම සාමාජිකයෙකුගේම දිරිගැන්වීම සඳහා මූලික වෙනවා. කාණ්ඩ තුනක් යටතේ හොඳම කාර්ය සාධනය සඳහා සම්මාන දිනා ගැනීමට හැකිවීමට අමතරව බංගලාදේශයේ හොඳම විදේශීය බැංකුව ලෙස ප්‍රකාශයට පත් කිරීම ගැන අපි විශේෂයෙන් සතුටු වෙනවා.”
කොමර්ෂල් බැංකුවේ බංගලාදේශ මෙහෙයුම් 2024 වසර සඳහා ක්‍රෙඩිට් රේටින්ග් ඉන්ෆොමේෂන් ඇන්ඩ් සර්විසස් ලිමිටඩ් (CRISL) ආයතනය වෙතින් දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීමක් වන ‘AAA’ (ත්‍රිත්ව A&) ශ්‍රේණිය ද ලබාගෙන තිඛේ. බංගලාදේශයේ මූල්‍ය ආයතනයකට ලබාදෙන ඉහළම
ණය ශ්‍රේණිගත කිරීම මෙම ත්‍රිත්ව A ශ්‍රේණිය වන අතර මෙම වසර කොමර්ෂල් බැංකුවේ බංගලාදේශ මෙහෙයුම් විසින් එය අඛණ්ඩව ලබා ගත් 14 වන වසර වීම ද විශේෂත්වයකි.
Views: 92