Varun Beverages Lanka (PVT) Ltd වෑවිට වැව පිරිසිදු කිරීම සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදාහැරීමේ නිත්‍ය සැපයුම්ස මාගම වන Varun Beverages Lanka (Pvt) Ltd ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වූ වෑවිට වැව පිරිසිදුකිරීමේ වැඩසටහනක් සාර්ථකව අවසන් කරන ලද බව පවසයි.
මෙය පාරිසරික තිරසාරත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් Varun Beverages Lanka (Pvt) Ltd සමාගමේ කැපවීම යළිත් ඉස්මතු වන අස්ථාවක් බව සමාගම සඳහන් කරයි.
මෙම වැඩසටහන සඳහා පළාත් පාලන ආයතනවල සහයෝගීත්වය හිමි වූ අතර පිරිසිදු කිරීමේ වැඩසටහන සාර්ථක අන්දමින් අවසන් කරමින් වෑවිට වැව යථා තත්ත්වයට පත්කිරීම මෙහිදි සිදුවිය.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Varun Beverages Lanka (Pvt) Ltd හි නීති අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ පැවසීය.” මෙම වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. පරිසරය ආරක්ෂා කිරීම Varun Beverages Lanka (Pvt) Ltd අපගේ මූලිකම කාර්යයක් වන අතර ප්ලාස්ටික් දූෂණය නිසා සිදු වී තිබෙන බලපෑම හා අභියෝග වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට අපි නිරතුරුව කැපවී සිටිනවා. මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන් හරහා අපගේ මිනිස් ප්‍රජාවට මෙන්ම සමස්ත ලෝකයටම ධනාත්මක බලපෑමක් ඇතිකිරීම අපගේ මූලික අරමුණයි.”
මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා Varun Beverages Lanka (Pvt) Ltd හි ස්වෙච්ඡා කණ්ඩායමක් සහභාගී වූ අතර මේ සඳහා පළාත් පාලන ආයතනවල උපකාරය ද හිමිවීම සුවිශේෂි කරුණකි. වෑවිට වැවේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙම වැඩසටහන හරහා සාර්ථකව ඉවත් කරන ලද අතර එමඟින් ජලජ ජිවින්ට තවදුරටත් හානිවීම හා ජලයේ ගුණාත්මකභාවය පිරිහීම අවම වනු ඇත.
Views: 50