ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා නව මුහුණුවරක් දෙයි
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිය Apron Coaches රථ හැඩගන්වා ඇතැයි පවසයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය (terminal) සිට ගුවන් යානා අතර මගීන් හුවමාරු කිරීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන මෙම අලුතින් සන්නාමගත Apron Coaches රථ දිගු ගුවන් ගමනකින් පසු මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව පිළිබඳව පළමු දෘශ්‍ය හැඟීම වනු ඇතැයිද සමාගම සඳහන් කරයි.
අපගේ ජාතික ගුවන් සේවය ලෙස විවිධාකාර වූ වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, උරුමය, ඉතිහාසය හා ස්වභාව සෞන්දර්ය ලෝකයේ අවධානයට යොමුකරවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත්වී ඇත.
ශ්‍රී ලංකාව ලොව ජනප්‍රියම සහ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණ බවත් එම සමාගම පවසා සිටියි.
Views: 48