ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව ජනපතිගේ ජ්‍යෙෂ්ට ආර්ථික උපදේශක ධූරයකට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ට ආර්ථික උපදේශකවරයෙකු ලෙස දුමින්ද හුලංගමුව මහතා පත් කර ඇතැයි නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඒ අනුව සැප්තැම්බර් 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි හුලංගමුව මහතා ආර්ථික කටයුතු සහ මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක ලෙස පත් කර තිබේ.
ඒ මහතා වර්තමානයේදී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපතිවරයා වෙත හිමිව ඇතිබලතල අනුව මෙම පත් කිරීම සිදු කර තිබේ.
මෙම පත් කිරීමට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක ලෙස පත් කර තිබේ.
ඒ මහතා මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජාතික ජන බලවේගය පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරයි.
මෙම පත් කිරීම් දෙකම වැටුප් නොලබන ගරු සේවා පදනම මත පත් කිරීම සිදු කර ඇතැයිද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Views: 90