හේලීස් ෆැබ්රික් වෙතින් ශත 86 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම (MGT.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

අද දිනයේදී රැස්වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අදාළ යෝජනාව සම්මත කරගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 85ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2024/25 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔකතෝබර් 22 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 09 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැති බවත් හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීම 15%ක අත්තිකාරම් ආදායම් බද්දට යටත් බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී හේලීස් ෆැබ්රික් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 52.50ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදීකොටසක වටිනාකම වූ රුපියල් 51.00 හා සැසඳීමේදී රුපියල් 1.50ක එනම් 2.94%ක ඉහළ යාමකි.

Views: 52