ඉලෝන් මස්ක්ගේ Starlink ග්රාහකයන් මිලියන 4 ඉක්මවලා
Tesla සමාගම අයත් ලොව අංක එකේ ව්‍යවසායකයෙකු වන ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගමෙහි චන්ද්‍රිකා අන්තරජාල සේවාව වන Starlink හි ග්රාහකයන් සංඛ්‍යාව මිලියන 4ක් ඉක්මවා ඇතැයි එම සමාගම පවසයි.
පසුගියදා සිය X (මීට පෙර Twitter) ගිණුම තුළ සටහනක් තබමින් Starlink සමාගම මේ බව පවසා සිටියි. මෙහිදී සිය පාරිභෝගිකයන් වෙත ස්තූති කරමින් Starlink සමාගම, “මේ වන විට Starlink මගින් ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක්, ප්‍රදේශ රැසක් සහ වෙළෙඳ පොළ අතිවිශාල සංඛ්‍යාවක් තුළ මිලියන 4කට අධික පිරිසක් වෙත අධ්වේගී අන්තර්ජාල සම්බන්ධතාව ලබා දෙමින් සිටිනවා.“ යනුවෙන් පවසා තිබේ.
පෘථිවි කක්ෂයේ පිහිටි දැවැන්ත චන්ද්‍රිකා ජාලයක් සංඥා හරහා එකිනෙකා හා සම්බන්ධ වෙමින් පෘථිවිය වෙත මෙම අන්තර්ජාල පහසුකම ලබා දෙයි. ලොව වඩාත් දුෂ්කර ප්‍රදේශ වෙත මෙම තාක්ෂණය හරහා පහසුවෙන් අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවීම මෙහි ඇති වාසියයි.
ආසන්න කාලසීමාවේදී Starlink සමාගමෙහි ග්රාහකයන්ගේ දැවැන්ත වර්ධනයක් දැකගත හැකි වූ අතර, එම ග්රාහකයන් සංඛ්‍යාව මිලියන 1ක් බවට පත් වූයේ 2022 වසරේ දෙසැම්බර් මාසයේදීය. පසුව 2023 සැප්තැම්බර් වන විට එය මිලියන 2ක් බවට පත් වූ අතර, මිලියන 3 ඉක්මවූයේ මේ වසරේ මැයි මාසයේදීය. එසේම මාස හතරක් ඇතුළතදී තවත් මිලියනයකින් ග්රාහකයන් වර්ධනය කරගනිමින් Starlink සතු ග්රාහකයන් සංඛ්‍යාව මිලියන 4ක් බවට පත්ව තිබේ.
එක්සත් ජනපදය තුළ මෙම Starlink ඇන්ටෙනාවක් ඇතුළු උපාංග සඳහා අයකිරීම ඩොලර් 499කි. එම අලෙවිය වැඩි කිරීම සඳහා මෙම අය කිරිම ඩොලර් 299ක්දක්වා අඩු කිරීමටද Starlink සමාගම සූදානමින් සිටින බව පැවසෙයි.
මෙම ග්රාහක වර්ධනයත් සමගින්ම Starlink සමාගම මේ වසර තුළදී ඩොලර් බිලියන 6.6ක ආදායමක් රැස් කරගැනීමට අදස් කරගෙන සිටියි. එය දැනට වසර දෙකකට පෙරාතුව එම සමාගම රැස් කරගත් ඩොලර් බිලියන 1.4 හා සැසඳීමේදී ඉහළ වර්ධනයකි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලෝන් මස්ක් අතර ඇති වු සාකච්ඡාවකින් පසුව මෙම Starlink චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම ශ්‍රී ලංකාව වෙතත් හඳුන්වාදීමට යෝජනා වූ අතර, ඒ සඳහා වන අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් පියවර ගත්තේය.
Views: 65