වීසා ලබා දීම අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පැරණි ක්‍රමවේදයටම
අද (26) මධ්‍යම රාත්‍රි 12.00 සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බව රජය පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පස්වරුවේදී නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
“වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා. විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා.“ යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබේ.
ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතා පහසුවෙන් කරගත හැකි බවත්, අද මධ්‍යම රාත්‍රි 12න් මෙම කටයුතු ආරම්භ කර පැය 24ක් තුළ වීසා ලබා දීම සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙහිදී නීතිපතිවරයාගෙන් උපදෙස් යටතේ අධිකරණ තීන්දුව අනුව සිය අමාත්‍යාංශය ක්‍රියාත්මක වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
එසේම ව්‍යාපාරික සහ ආයෝජන ක්ෂේත්රයේ සිටින අයටත් දැන් එම පහසුකම හිමි වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
“ඒ වගේම VFS ආයතනයට මෙය ලබාදීම මඟින් සිදු වූ අක්රමිකතාව පිළිබඳව වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් කටයුතු කර තිබෙනවා. එම විගණනය හරහා මේ ගනුදෙණුවේ තිබෙන අක්රමිකතාව පිළිබඳව සොයා බලා ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.“ යනුවෙන්ද අමාත්‍යවරයා පවසා තිබේ.
Views: 49