බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම රුපියල් බිලියන 1.5කට ISIN Lanka (පෞද්) සමාගම මිලදී ගනී
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මෙරට ක්‍රියාත්මක ගුණාත්මක මට්ටමේ කෘත්‍රිම සහ ස්වාභාවික නූල් නිෂ්පාදන සමාගමක් වන Isin Lanka (පෞද්) සමාගම මිලදී ගත් බව පවසයි.
පසුගිය සැප්තැම්බර් 24 වැනිදා මෙම අත්පත් කරගැනීම සිදු කර ඇති අතර, එහිදී Isin Lanka (පෞද්) සමාගමෙහි කොටස්හිමිකරුවන්ගෙන් සමාගමේ 100%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීම සිදු කර තිබේ.
මෙහිදී එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.49ක් (1,495,000,000ක්) බව සමාගම සඳහන් කරයි.
මෙම අත්පත් කරගැනීමත් සමගින්ම Isin Lanka (පෞද්) සමාගම බ්‍රවුන්ස් සමූහයෙහි ගබඩා මෙහෙයුම් සඳහා පහසුකම් සපයනු ඇති බවත් සමාගම පවසයි.
ඒ හරහා බ්‍රවුන්ස් සහ සමාගමෙහි (Browns and Compny PLC) සහ එහි අනෙකුත් පරිපාලිත සමාගම්හි මෙහෙයුම් වඩාත කාර්යක්ෂමව පවත්වාගෙන යාම සහ නිෂ්පාදන ඉහළ දැමීම මෙන්ම ගබඩා ධාරිතාව ඉහළ නැංවීමටත් දායකත්වයක් ලබා දෙනු ඇති බවත සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
1992 වසරේදී ශ්‍රීලංකා ආයොජන මණ්ඩලයේ ව්‍යාපෘතියක ලෙස ස්ථාපිත කෙරුණු මෙම Isin Lanka (පෞද්) සමාගම ඉන්දියාවේ දැවැන්ත සමාගම් සමූහයක් වන indorama සමූහයට අයත් සමාගමකි.
Views: 181