IMF සමග සාකච්ඡා කඩිනම් කරමින් ණය ප්‍රතිව්‍යුහගතකිරීම ඉදිරියට ගෙන යනවා – ජනපති
වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩනැංවීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙන යාමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද රාත්රියේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාළ ණය පාර්ශ්ව සමග සාකච්ඡා කර, ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර, අදාළ ණය සහන ලබා ගැනීමට අප කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ජනාධිපතිවරයා, “අප අපේක්ෂා කරන වෙනස සඳහා, සැලකිය යුතු කාලයක් තුළ, පියවර රැසක් ගැනීමට තිබෙනවා. එහෙත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩ නැංවීමෙන් පමණයි. ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාළ ණය පාර්ශ්ව සමග සාකච්ඡා කර, ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර, අදාළ ණය සහන ලබා ගැනීමට අප කටයුතු කරනවා.“ යනුවෙන් පැවසීය.
මේ සඳහා මේ රටේ ජනතාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබා ගත හැකි බවට අප විශ්වාස කරන බව පවසා සිටි ජනාධිපතිවරයා, එම සහයෝගය තුළින් අපට සාමූහිකව ජයග්‍රහණය කළ හැකි බව අපි විශ්වාස කරන බවත් සඳහන් කළේය.
Views: 68