රුපියල ශක්තිමත් වෙයි – ඩොලරයේ වටිනාකම රුපියල් 1.77කින් පහළ බසී

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක වටිනාකම අද (25) දිනයේදී රුපියල් 307.31ක් ලෙස සටහන්ව ඇතැයි මහ බැංකුව පවසයි.
අද දිනය සඳහා වන දෛනික විනිමය අනුපාත පිළිබඳ නිවේදනය නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි.

මෙය ඊයේ (24) දිනයේදී විනිමය අනුපාත යටතේ පැවැති එක්සත් ජනපද ඩොලරයක වටිනාකම වූ රුපියල් 309.08ට සාපේක්ෂව රුපියල් 1.77කින් පහත වැටීමකි.

මෙහිදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 297.95ක් ලෙස සටහන්ව ඇති අතර, ඊයේ දිනයේදී එය ඩොලර් 299.72ක් ලෙස සටහන් විය.

පෙරේදා දිනයේදී (23) ඩොලරයේ විකුණුම් වටිනාකම රුපියල් 309.28ක්ව පැවතුණි. ගැණුම් වටිනාකම රුපියල් 300.10ක් විය.

Views: 118