තන්සිල් තාජුඩීන් ආසියානු-පැසිෆික් 40 Under 40 සම්මානයට නිර්දේශ වෙයි

ආසියානු-පැසිෆික් කලාපයේ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය සහ නව මානයන් සොයායාම වෙනුවෙන් පිරිනමන 40 Under 40 සම්මානය සඳහා කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රමුඛතම මහජන සබඳතා, සන්නිවේදන සහ කීර්තිනාම උපදේශන සමාගමක්වන Mark and Comm හි අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් (Thanzyl Thajudeen) මහතා නිර්දේශ වී තිබේ.

අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ විශිෂ්ට දැක්මක් සමගින් අන්‍යයන් සවිබලගැන්වීමේ කාර්යයක ද නියුතු විශිෂ්ටයින් පිරිසක් මෙම සම්මාන වෙනුවෙන් නිර්දේශ වී තිබුණි. 

එම නිර්දේශිත නාම තෝරාගනු ලැබූයේ DFI Retail සමූහයේ අලෙවි අධ්‍යක්ෂිකා සිසිලියා යොන්ග්, Hasbro Singapore හි ආසියානු පැසිෆික් ප්‍රවර්ධන සහ සහයෝගීතා අංශ ප්‍රධානී ජොඇනා වයිට්, Mastercard Asia Pacific හි පාරිභෝගික අලෙවි, අනුග්‍රාහකත්ව සහ ක්‍රීඩා අංශයේ උප සභාපති කාවේරි කුල්ලාර්, CampaignAsia Pacific හි සංස්කාරක නිකිතා මිෂ්රා සහ එහි සංස්කරණ අධ්‍යක්ෂ රොබට් සවට්ස්කි යන විද්වත් පිරිසගෙන් සමන්විත විශේෂ ජූරියකිනි.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, චීනය, ඉන්දියාව ඇතුළු ආසියානු-පැසිෆික් කලාපය නියෝජනය කරන වෙළෙඳපොළ 14කින් ජයග්‍රාහකයින් තෝරාගනු ලැබීම, මෙම සම්මාන ප්‍රදානයේ තවත් විශේෂත්වයකි. එමෙන්ම ඔවුහු, ස්වාධීන ආයතනවල සිට ගෝලීය ආයතන දක්වා ද, මාධ්‍ය, මූල්‍ය සේවා, දැන්වීම් තාක්ෂණ (adtech), අලෙවි තාක්ෂණ (martech), මහජන සබඳතා, සෞඛ්‍ය සන්නිවේදන සහ වීඩියෝ අලෙවි වැනි අංශ රැසක් නියෝජනය කිරීම ද කැපීපෙනේ.

තන්සිල් තාජුඩීන් මහතා Mark and Comm සමාගමේ සියලු ව්‍යාපෘති සහ මෙහෙයුම් භාරව ක්‍රියාකරන අතර, තම සේවාදායකයින්ගේ නායකත්ව කණ්ඩායම්වලට ක්‍රමෝපායික උපදේශනය ද සපයයි. Mark and Comm සමාගම මේ වනවිට මහජන සබඳතා මෙහෙයුම්වලින් ඔබ්බට ගොස් ක්‍රමෝපායික සන්නිවේදනය, දැන්වීම්කරණය, නිර්මාණකරණය සහ අලෙවි උපදේශනය වැනි අංශ ගණනාවකට පිවිස ඇති අතර, කෘෂිකර්ම, ඇඟලුම්, පාරිභෝගික සේවා, අධ්‍යාපන, තාක්ෂණ, සංචාරක වැනි ක්ෂේත්‍ර රැසක සමාගම් වෙත සිය සේවා සපයයි.

Views: 49