ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC) සහ පෝර්ට් සිටිය අතර අවබෝධතා ගිවිසුමක්

කොළඹ වරාය නගරය හෙවත් කොළඹ පෝර්ට් සිටිය සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce (ICC) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම ඊයේ දිනයේදී සිදුව තිබේ.

මෙම ගිවිසුම මගින් ඇති කරගන්නා හවුල්කාරීත්වය හරහා කොළඹ පෝර්ට් සිටිය දේශීය මෙන්ම ජාත්‍යන්තර අයෝජකයන් සඳහා  ප්‍රමුඛතම ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීම අරමුණ වී තිබේ.

මෙම ආයෝජන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වැඩි දියුණු කිරීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ වඩාත් යහපත් ව්‍යාපාරික පරිසරයක් බිහිවනු ඇතැයිද එම වාණිජ මණ්ඩලය සඳහන් කර සිටියි.

මෙහිදී ICC හි ශ්‍රී ලංකා සභාපති ෂනිල් ප්‍රනාන්දු මහතා සහ කොළඹ වරාය නගරයේ කළමනාකාර අධ්‍යක්ෂ ෂිඔන්ග් හොන්ග්ෆෙන්ග් අතර ඊට අදාළ ගිවිසුම් හුවමාරු කරගැනුණි.

මෙම හවුල්කාරීත්වය යටතේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ලබන ඔක්තෝබර් මාසයේ සිට කොළඹ වරාය නගරය පිළිබඳ ප්‍රවර්ධනය කරමින් අන්තර්ජාල වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිමටද නියමිතව සිටියි.

Views: 83