වසා දැමුණු න්‍යෂ්ටික බලාගාරයක් මයික්‍රොසොෆ්ට් සමාගමේ කොන්ත්‍රාත්තුවකින් යළි වැඩ ඇරඹීමට යයි
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගම ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව එක්සත් ජනපදයේ න්‍යෂ්ටික බලාගාරයක් යළි මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිහිටි Three Mile Island නම් න්‍යෂ්ටික බලාගාරය මෙලෙස යළි ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.
මයික්‍රොසොෆ්ට් සමාගම සිය අනාගත කෘත්‍රිම බුද්ධි හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය විදුලිබල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙලෙස න්‍යෂ්ටික බලාගාරයකින් විදුලිය මිලදී ගැනීමට සූදානමින් සිටින බව පැවසෙයි.
මයික්‍රොසොෆ්ට් සමාගම සිය අනාගත තාක්ෂණික සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය බලශක්තිය පොසිල ඉන්ධන දහනයෙන් තොර ක්‍රමවේද හරහා ලබා ගැනීමට යොමුවීම මෙම තීරණයට හේතුව වී තිබේ.
ඒ අනුව එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාහි පිහිටි දැනට වසා දමා ඇති Three Mile Island නම් න්‍යෂ්ටික බලාගාරය යලි ආරම්භ කර, එය අයත් සමාගම මගින් විදුලිය මිලදී ගැනීම මෙම සැලසුම වී තිබේ. අදාළ න්‍යෂ්ටික බලාගාරය හිමි Constellation Energy Corp. සමාගම දැනටමත් මෙම බලාගාරය යළි ආරම්භ කිරීම සඳහා ඩොලර් බිලියන 1.6ක මුදලක් ආයෝජනය කිරීමට සූදානමින් සිටියි.
මෙම Three Mile Island න්‍යෂ්ටික බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 835කි. එම බලාගාරය අයත් Constellation Energy Corp,. සමාගම එක්සත් ජනපදයේ විශාලතම න්‍යෂ්ටික බලාගාර මෙහෙයුම්කරුවාද වෙයි. ඔවුන්ට අනුව Three Mile Island න්‍යෂ්ටික බලාගාරය වසර 2028 දී යළිත් සේවයට එක් කිරීම අදහස වී තිබේ. මෙහිදී එම බලාගාරය Crane Energy Center ලෙස නම් වෙනස් කෙරෙනු ඇතැයි පැවසෙයි.
දැනට වසර 50කට පමණ පෙරාතුව එනම් 1979 දී මෙම බලාගාරයේ දෙවැනි ඒකකය ස්ථිරවම වසා දැමුණු අතර, ක්‍රියාත්මකව පැවැති ඉතිරි පළමු ඒකකය 2019 දී වසා දැමුණි. එකල පැවැති ආර්ථික කාරණා ඊට හේතුව විය. මෙලෙස නැවතත් ක්‍රියාත්මක කිරිම ආරම්භ කෙරෙන්නේ මෙම පළමු ඒකකයයි.
මයික්‍රොසොෆ්ට් සමාගම ඇති කරගෙන ඇති එකඟතාව අනුව ඔවුන් ඉදිරි වසර 20ක කාලයක් සඳහා වසරකට ඩොලර් මිලියන 800ක මුදලක් ගෙවමින් එම බලාගාරයේ සමස්ත විදුලි උත්පාදනයම මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබේ. එහිදී බලාගාරයේ මෙහෙයුම් බලපත්‍රය වසර 2053 දක්වා බලපැවැත්වෙනු ඇතැයි සඳහන් වෙයි.
Views: 97