මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඩොලර් මිලියන 2.5ක ආයෝජනයක්

ශ්‍රී ලංකාව තුළ මත්පැන් නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් පුළුල් කරමින් J.R.. Distilleries නම් සමාගමක් නවීනතම මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට සූදානමින් සිටින බව පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 2.5ක් බව පැවසෙයි.

ඊට අදාළ එකඟතාවට අත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ එම සමාගමෙහි නියෝජිතයන් අතර පසුගියදා අත්සන් තබා තිබේ.

J.R.. Distilleries සමාගම නවීනතම කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරිමට සූදානමින් සිටින අතර, දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් අපනයනය ඉලක්ක කරගනිමින් මත්පැන් නිපදවීම අදහස වී තිබේ.

Views: 254