කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
රජයට අයත් මෙරට විශාලතම බැංකුව වන ලංකා බැංකුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ කාවන් රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් වූ බව එම බැංකුව පවසයි.
අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් ලංකා බැංකුව මේ බව සඳහන් කර තිබේ. 2024 සැප්තැම්බර් 22 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදු කර තිබේ.
කාවන් රත්නායක මහතා ලංකා බැංකුවෙහි ස්වාධීන, විධායක නොවන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සහ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
රත්නායක මහතා 2024 මාර්තු 13 වැනිදා ලංකා බැංකුවෙහි සභාපතිවරයා ලෙස පත් කෙරිණි. ඊට පෙර ඒ මහතා NDB බැංකුවෙහි සභාපතිවරයා, ශ්රී ලංකා වරාය අධිකාරියෙහි සභාපතිවරයා මෙන්ම ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළේය.
කාවන් රත්නායක මහතා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතාගේ වැඩිමහල් සහෝදරයාද වෙයි.
Views: 226