ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට TikTok පියවර ගනියි
2024 සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා ඉතිරිව ඇත්තේ තවත් එක් දිනකි. ඒ සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට මෙන්ම සිය වේදිකාව තුළ මැතිවරණ කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් සිය ප්රයත්නයන් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියි.
ජනාධිපතිවරණයේ තීරණාත්මක දින කිහිපයක් වන මෙම කාලය තුලදී ආරක්ෂිත, සත්‍ය හා විශ්වාසදායී තොරතුරු ග්‍රාහකයින් වෙත ලබා දීම සඳහා TikTok මෙම පියවර ගෙන ඇත.
මේ සඳහා ශක්තිමත් ගෝලීය සැලසුමක් සකස් කර ඇති TikTok මෙරට මැතිවරණ අන්තර්ගතය ආමන්ත්‍රණය කිරීම සඳහා IFCN හි අනුමැතිය ලත් තොරතුරු සෙවීමේ ආයතනයක් වන Newschecker සමඟ එක්ව කටයුතු කරනු ලබයි.
මේ තුළින් වැරදි හා අසත්‍ය තොරතුරු හඳුනා ගැනීමට, ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමට හා ජනතාව සමඟ වැදගත් කරුණු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු බෙදා හදා ගැනීමට අවකාශ උදා වේ.
එසේම Newschecker තුළින් TikTok ප්‍රජා මාර්ගෝපදේශයන් ආරක්ෂා කිරීම සඳහා උපකාරී වන වැදගත් තොරතුරු ලබා දීමද සිදු වේ. සිය පරිශීලක දැනුම ඉහළ නැංවීම හා අඛණ්ඩතාවය පවත්වා ගැනීම සඳහා වැඩි සහභාගීත්වයක් සනිටුහන් කිරීම අරමුණු කරගත් උපාය මාර්ගයන් සහිත නව්‍ය නිෂ්පාදන විශේෂාංග හඳුන්වා දීමට කටයුතු කර ඇති TikTok මැතිවරණය පිළිබඳ භාෂා ත්‍රිත්වයෙන්ම නිල බලයලත් තොරතුරු ලබා දීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමටද කටයුතු කරනු ලැබීය.
ඊට අමතරව වැරදි තොරතුරු පහසුවෙන් හඳුනා ගැනීමට හා ඒවා වාර්තා කිරීමට පරිශීලකයින්ට අවස්ථාව සලසා දී ඇති TikTok මැතිවරණ කාල සීමාව තුළ තීරණාත්මක හා සුපරීක්ෂාකාරී
වගකිවයුතු ප්‍රජාවක් ගොඩනැගීමට සමත්ව සිටියි.
Views: 43