ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී වෙතින් ශත 70 බැගින් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී සමාගම (HPFL.N0000) සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 70ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.
මෙය 2025 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම පවසයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර්16 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 27 වැනිදා නම් කර තිබේ.
මෙම ලාභාංශ ගෙවිමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැති බවත් බවත් ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී සමාගම පවසයි.
ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 12.00ක් ලෙස සටහන්ව තිබුණි.
2024 මාර්තු 31 වැනිදා වනවිට ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී සමාගමෙහි කොටස්හිමිකාරිත්වයෙන් කොටස් 80,350,881ක් එනම් 73.66%ක් ලෝටස් රිනීවර්බල් එනර්ජි පෞද්ගලික සමාගම වෙත හිමිය. එසේම කොටස් 15,000,000ක් එනම 13.75%ක් සම්පත් බැංකුව/ආචාර්ය ටී.සෙන්තිල්වර්ල් වෙත හිමිය.
Views: 61