ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් වෙතින් කොටසකට රුපියල් 1.50 බැගින් රු.බිලියන 1.7ක ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (ASIR.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.
විශේෂයෙන්ම 2024 ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස තුනක කාලයක් සඳහා වන සමාගමෙහි මූල්‍ය ප්රකාශනය පදනම් කරගනිමින් මෙම ලාභාංශ ගෙවීමට එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය මෙහිදී අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදුකරන බව සමාගම සඳහන් කරයි.
මෙය 2024/25 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම පවසයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 15 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස සැප්තැම්බර් 26 වැනිදා නම් කර තිබේ.
සමාගම මගින් 2024 මාර්තු 31 වැනිදා වනවිට නිකුත් කර තිබූ සමස්ත ඡන්දහිමි කොටස් සංඛ්‍යාව වන 1,137,533,596 අනුව මෙම ලාභාංශ ගෙවීමේ වටිනාකම රුපියල් බිලියන 1.7ක් (1,706,300,394) ලෙසසටහන්ව තිබේ.
අද දිනයේදී කොළඹකොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 22.40ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනයේ පැවැති රුපියල් 22.00 හා සැසඳීමේදී ශත 40ක එනම් 1.82%ක ඉහළ යාමකි.
2024 මාර්තු 31 වැනිදා වනවිට ආසිරි හොස්පිටල් හෝලඩිංග්ස් පීඑල්සීහි කොටස් අතරින් කොටස් 627,025,050ක් එනම් 55.12%ක් සොෆ්ටලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත හිමිව තිබේ. එසේම කොටස් 328,258,328ක් එනම් 28.86% ක ප්‍රතිශතයක් Merrill Lynch Pierce Fenner & Smith-Tpg Growth Iii Sf Pte Ltd වෙත හිමිව තිබේ.
Views: 101