මස්ක් 2027 දී ලොව පළමු ට්‍රිලියනපතියා වේවිලු
වර්තමානයේදී ලොව අංක එකේ බිලියනපතියා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් 2027 වසරේදී ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වනු ඇතැයි Informa Connect Academy නම් ගෝලීය අධ්‍යාපන ආයතනයක් මගින් සිදු කර නවතම පුරෝකතනයක් මගින් අනාවරණය කර තිබේ.
මෙම අනාවරණයට අනුව අද වන විට මස්ක්ගේ වාර්ෂික වත්කම් වර්ධන අනුපාතයේ සාමාන්‍ය 109.88%ක ප්‍රතිශතයක් ගනී. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව මස්ක්ගේ වර්තමාන වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 237ක් වෙයි.
අද වනවිට මස්ක් විසින් සම නිර්මාතෘත්වය සහිත සමාගම් හයක් පවතී. අභ්‍යවකාශ යානා නිෂ්පාදන සමාගමක් වන Space X සහ විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ නිපදවන Tesla සමාගම ඒ අතරින් ප්‍රධාන වෙයි. ඉන් Tesla සමාගමෙහි වර්තමාන වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 669.28කි. එය ලබන වසරේදී ඩොලර් ට්‍රිලියනයකට ළගා වනු ඇතැයි පුරෝකතනය කෙරී තිබේ.
මෙම අවස්ථාවන්ද සමගින් මස්ක් 2027 වසර වන විට ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත් වනු ඇතැයි Informa Connect Academy ආයතනයේ අදහස වී තිබේ.
මේ අතර වර්තමානයේදී ලොව සිටින අනෙකුත් බිලියනපතියන් අතරින් ඉන්දියාවේ ධනවතා වන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි 2028 වසරේදී ට්‍රිලියනපතියෙකු බවට පත් වනු ඇතැයි මෙම Informa Connect Academy ආයතනය පවසයි.
Views: 90