අපනයන ඉපයීම් ශ්රී ලංකා රුපියල්වලට මාරු කිරීමේ කාල සීමාව ලිහිල් කෙරේ
භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්රී ලංකා රුපියල්වලට අනවාරියයෙන්ම පරිවර්තනය කරිම සඳහා වන කාලසීමාව දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙම රීතිය අපනයනකරැවන්ට තම අපනයන ඉපයීම්, අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරුව ශේෂයන් ශ්රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන්ම පරිවර්තනය කිරීම සඳහා වන කාලසීමාව, අපනයන ආදායම ලැබුණු දින සිට, ලැබීම් ලද මාසය ඇතුළුව ලිත් මාස තුන (03ක්) අවසන් වීමෙන් පසු මාසයේ දහවන (10 වැනි) දිනය දක්වා දීර්ඝ කර ඇතැයි මහ බැංකුව පවසයි.
මීට පෙර පැවැති රීති අනුව අපනයන ආදායම් ලැබුණු දිනට පසුව එළඹෙන මාසයේ හත්වන (07 වැනි) දින අදාළ ශේෂයන් ශ්රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතුව තිබුණි.
මෙම නව රීති 2024.09.04 දින පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද අතර එදින සිටම බලාත්මක වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.
සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ලෙස 2023 අංක 16 දරන ශ්රී ලංකා මහ බැංකු පනත මගින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම අදාළ කාලසීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
මෙම රීති “2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්රී ලංකාවට ගෙන ඒමේ රීති“ යටතේ නිකුත් කරන ලද අතර එය 2024.07.01 දිනැති අංක 2371/02 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ ප්රකාශයට පත් කර ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.
Views: 85