කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් බැංකුකරණ ගනුදෙනු සඳහා පාරිතෝෂික ලකුණු
දේශීය බැංකු ක්ෂේත්රයේ ප්‍රථම වරට ඩිජිටල් බැංකු ගනුදෙනු සඳහා පාරිතෝෂික ලකුණු ප්රදානය කරන පෙරළිකාර නවමු අත්දැකීමක් කොමර්ෂල් බැංකුව හදුන්වා දී ඇත.
‘ComBank Digital’ හරහා සිදු කරන උපයෝගිතා බිල්පත් ගෙවීමක් වැනි සරල කාර්යයකට පවා, දැන් බැංකුවේ ‘Max Rewards’ වැඩසටහන යටතේ පාරිතෝෂික ලකුණු ලබාගත හැකි බව බැංකුව නිවේදනය කරයි.
මෙතෙක් මෙම වැඩසටහන තුළින් ලකුණු ලබාගත හැකි වූයේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් සඳහා පමණි. විවිධ මාධ්‍ය හරහා ප්‍රවේශ විය හැකි තනි ඩිජිටල් බැංකුකරණ වේදිකාවක් වන ComBank Digital හි දැනට ලියාපදිංචි වී සිටින හා නව පරිශීලකයින් සියලු දෙනා ඇතුළත් කර ගනිමින්, Max Rewards වැඩසටහන මගින් එක් ගනුදෙනුවක් සඳහා ලකුණු 300ක් දක්වා ප්රදානය කරයි.
මෙසේ රැස්කර ගන්නා ලකුණු මිලදී ගැනීම් හෝ වෙනත් ප්රතිලාභ සඳහා මුදල් බවට පරිවර්තනය කර භාවිතා කළ හැකියි.
“ComBank Digital පරිශිලකයින් සඳහා වන Max Rewards වැඩසටහන නිර්මාණය කර ඇත්තේ අපගේ ගනුදෙනුකරුවන්ගේ ඉහළම අවශ්‍යතා හදවතෙහි තබා ගනිමිනි,”යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් බැංකුකරණය ප්‍රදීප් බන්දුවංශ මහතා අදහස් දැක්වීය. “මෙම වැඩසටහන හඳුන්වා දීමෙන් අපි බලාපෙරොත්තු වන්නේ, දැනටමත් ComBank Digital භාවිතා කරන මිලියනයකට අධික කොමර්ෂල්බැං කු ගනුදෙනුකරුවන්හට ඩිජිටල් බැංකුකරණයේ අත්දැකීම, ප්රතිලාභ ලබා දෙන සුළු හා විනෝදජනක අත්දැකීමක් බවට පත් කිරීමත්, තවත් බොහෝ පිරිසකට එහි ලියාපදිංචි වීමට තවත් එක් බලවත් හේතුවක් ලබා දීමටත් ය.”
ComBank Digital කොමර්ෂල් බැංකුවේ සියළුම අන්තර්ජාල සහ ජංගම බැංකු සේවා ඒකාබද්ධ කරන තනි වේදිකාවකි. එය ප්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් (iOS, Android සහ Huawei) හරහා සේවා පිරිනමන අතර ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාර්ට්ෆෝන් වැනි සියළුම උපාංග හරහා ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.
Views: 46